ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි.+

      නියමිත කාලයේදී ඔවුන්ගේ පාද පැටලී ඔවුහු වැටෙනු ඇත.+

      ඔවුන්ගේ විපත සිදු වන කාලය අත ළඟයි.+

      ඔවුන්ට අත් විඳින්න සිදු වන දේවල් වේගයෙන් ඔවුන් කරා පැමිණෙයි.’+

  • ද්විතීය කතාව 32:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 ජනයෙනි, දෙවිගේ සෙනඟ සමඟ ප්‍රීති වන්න.+

      මන්ද දෙවි තම සතුරන්ට නිසි ප්‍රතිඵල දෙමින්+

      මරා දමන ලද තම සේවකයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන්නේය.+

      ඔහු එසේ කර තම සෙනඟගේ දේශය නැවත පවිත්‍ර තත්වයකට පත් කරන්නේය.”

  • ගීතාවලිය 94:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 94 දුෂ්ටයන්ට දඬුවම් දීමට අයිතිය ඇති යෙහෝවා දෙවියනි,+

      යුක්තිය ඉටු කරන දෙවියනි, ඔබේ ආලෝකය විහිදුවන්න.+

  • ලූක් 18:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දැන් බොහෝ ඉවසිලිවන්තව කටයුතු කරන දෙවි ගැන සිතන්න.+ දිවා රෑ දෙකේම ඔහු තෝරාගත් සේවකයන් ඔහුට කන්නලව් කරන විට දෙවි ඔවුන් වෙනුවෙන් සාධාරණය ඉටු කර දෙන්නේ නැද්ද?+

  • රෝම 12:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න.+ ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.+ මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.”+

  • රෝම 13:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඇත්තටම ඒ අධිකාරීහු දෙවි වෙනුවෙන් වැදගත් සේවයක් ඉටු කරති. ඒ ඔබේ යහපත උදෙසාය.+ කෙසේවෙතත් ඔබ වැරදි දේවල් කරනවා නම්+ ඔබ ඔවුන්ට බිය විය යුතුයි. මන්ද දඬුවම් කිරීම සඳහා බලතල* එම අධිකාරීන්ට දී තිබෙන්නේ හොඳ හේතු ඇතුවය. ඒ අනුව වැරදි දේවල් කරන අයට විරුද්ධව දෙවිගේ උදහස ප්‍රකාශ කිරීමට පත් කර තිබෙන ඔවුහු,+ දෙවි වෙනුවෙන් වැදගත් සේවයක් ඉටු කරති.

  • හෙබ්‍රෙව් 10:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මන්ද, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි”+ කියාත්, “යෙහෝවා දෙවි වන මම මාගේ සෙනඟව විනිශ්චය කරන්නෙමි”+ කියාත් දෙවි පවසා ඇති බව අපි දනිමු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න