21 එය ඇසූ යෙහෝරම් රජ, “අශ්ව රථය සූදානම් කරන්න”+ යයි කීවේය. ඔවුහු ඔහුගේ අශ්ව රථය සූදානම් කළෝය. එවිට ඊශ්‍රායෙල්හි රජු වන යෙහෝරම්ද යූදාහි රජු වන අහසියාද+ තම තමාගේ අශ්ව රථවලට නැඟ පිටත්ව ගියෝය. යේහු, යෙෂ්‍රෙයෙල් නගරයේ වැසියෙකු වූ නාබොත්ට+ අයිතිව තිබූ ඉඩමේ සිටිනවා ඔවුහු දුටුවෝය.