විනිශ්චයකරුවෝ 10:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 එසේ පැවසූ ඊශ්‍රායෙල්වරු තමන් පුදපූජා ඔප්පු කරමින් සිටි සියලුම බොරු දෙවිවරුන්ව ඉවත් කර,+ යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තෝය.+ ඔවුන් කළ ඒ දේ දෙවි දුටුවේය. ඔහුට තවදුරටත් ඊශ්‍රායෙල්වරුන් අද්දකිමින් සිටි ඒ මහත් වේදනාව බලා සිටීමට නොහැකි විය.+ 2 රාජාවලිය 14:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මේ පොළොවෙන් ඊශ්‍රායෙල් යන නාමය මකා නොදමන බවට යෙහෝවා දෙවි පොරොන්දු වී තිබූ නිසා+ දෙවි යෙහෝයාෂ්ගේ පුත් යෙරොබොවම් මාර්ගයෙන් ඔවුන්ව ගලවාගත්තේය.+ නෙහෙමියා 9:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 නමුත් ඔබේ අතිමහත් දයාව නිසා ඔවුන්ව සහමුලින්ම විනාශ වී යන්න ඔබ ඉඩ දුන්නේ නැහැ.+ ඔබ ඔවුන්ව අමතක කර දැමුවෙත් නැහැ.+ ඔබ මොන තරම් කරුණාවන්ත,+ දයාන්විත+ දෙවි කෙනෙක්ද! ගීතාවලිය 86:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ දයාන්විතය. කරුණාවන්තය.+ඔබ කෝප වීමට ඉක්මන් නොවන්නෙහිය.+ සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙහිය. ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+ යෙසායා 30:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එහෙත් යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න+ මහත් ආශාවකින් බලා සිටියි. ඔහු ඔබ වෙනුවෙන් පියවර ගෙන ඔබට දයාව පෙන්වයි.+ මන්ද යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන දෙවි කෙනෙකි.+ ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන සෑම කෙනෙකුම+ සන්තෝෂවත්ය.+ විලාප ගී 3:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 යම් කලකට දුක් විඳීමට දෙවි සැලැස්වූවත්+ ඔහු අතිමහත් ප්‍රේමයකින්* යුත් දෙවි කෙනෙක් නිසා ඔහු අනිවාර්යයෙන්ම දයාව පෙන්වනු ඇත.+
16 එසේ පැවසූ ඊශ්‍රායෙල්වරු තමන් පුදපූජා ඔප්පු කරමින් සිටි සියලුම බොරු දෙවිවරුන්ව ඉවත් කර,+ යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තෝය.+ ඔවුන් කළ ඒ දේ දෙවි දුටුවේය. ඔහුට තවදුරටත් ඊශ්‍රායෙල්වරුන් අද්දකිමින් සිටි ඒ මහත් වේදනාව බලා සිටීමට නොහැකි විය.+
27 මේ පොළොවෙන් ඊශ්‍රායෙල් යන නාමය මකා නොදමන බවට යෙහෝවා දෙවි පොරොන්දු වී තිබූ නිසා+ දෙවි යෙහෝයාෂ්ගේ පුත් යෙරොබොවම් මාර්ගයෙන් ඔවුන්ව ගලවාගත්තේය.+
31 නමුත් ඔබේ අතිමහත් දයාව නිසා ඔවුන්ව සහමුලින්ම විනාශ වී යන්න ඔබ ඉඩ දුන්නේ නැහැ.+ ඔබ ඔවුන්ව අමතක කර දැමුවෙත් නැහැ.+ ඔබ මොන තරම් කරුණාවන්ත,+ දයාන්විත+ දෙවි කෙනෙක්ද!
15 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ දයාන්විතය. කරුණාවන්තය.+ඔබ කෝප වීමට ඉක්මන් නොවන්නෙහිය.+ සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙහිය. ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+
18 එහෙත් යෙහෝවා දෙවි ඔබට කරුණාව පෙන්වන්න+ මහත් ආශාවකින් බලා සිටියි. ඔහු ඔබ වෙනුවෙන් පියවර ගෙන ඔබට දයාව පෙන්වයි.+ මන්ද යෙහෝවා දෙවි යුක්තිය ඉටු කරන දෙවි කෙනෙකි.+ ඔහු කෙරෙහි බලාපොරොත්තු තබන සෑම කෙනෙකුම+ සන්තෝෂවත්ය.+
32 යම් කලකට දුක් විඳීමට දෙවි සැලැස්වූවත්+ ඔහු අතිමහත් ප්‍රේමයකින්* යුත් දෙවි කෙනෙක් නිසා ඔහු අනිවාර්යයෙන්ම දයාව පෙන්වනු ඇත.+