ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 20:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඔබ ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘ඊශ්‍රායෙල් සෙනඟගෙන් කෙනෙකු හෝ ඊශ්‍රායෙල් දේශයෙහි ජීවත් වන විදේශිකයෙකු හෝ තම දරුවන්ව මෝලෙක්ට+ පූජා කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි. දේශයේ වැසියන් ඔහුට ගල් ගසා ඔහුව මරා දැමිය යුතුයි.

  • ද්විතීය කතාව 18:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් තම පුතාව හෝ දුවව හෝ ගින්නෙන් දවා පූජා නොකළ යුතුයි.+ පේන+ කියන්නවත් මන්තර ගුරුකම්+ කරන්නවත් නැකත්+ බලන්නවත් මායා බලයෙන්+ දේවල් කරන්නවත් ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් නොපෙලඹිය යුතුයි.

  • 2 රාජාවලිය 23:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 හින්නොම් පුත්‍රයන්ගේ නිම්නයේ+ පිහිටි තෝෆෙත් නමැති ස්ථානයේදී+ කාලයක සිට ජනයා තම දරුවන්ව ගින්නෙන් දවා මෝලෙක්ට+ පූජා කළෝය. තවදුරටත් එසේ කිරීමට නොහැකි වන සේ+ ඔහු එම ස්ථානය නමස්කාරය සඳහා නුසුදුසු තත්වයකට පත් කළේය.

  • 2 ලේකම් 28:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු බෙන්හින්නොම් නිම්නයේ*+ සුවඳ දුම් ඔප්පු කළේය.+ එපමණක්ද නොව යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් අතරින් පන්නා දැමූ ජාතීන්ගේ+ පිළිකුල්සහගත වත්පිළිවෙත් අනුගමනය කරමින්+ ඔහු තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+

  • 2 ලේකම් 33:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු බෙන්හින්නොම් නිම්නයේදී+ තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+ ඔහු පේන කීමෙහිද+ මායා බන්ධන ක්‍රියාවලද+ නියැලුණු අතර මන්ත්‍ර ගුරුකම්වලද+ යෙදුණේය. මායාකාරයන්වද+ ශාස්ත්‍ර කියන්නන්වද+ සේවය සඳහා යොදාගත් ඔහු යෙහෝවා දෙවිව උදහස් කරමින් දෙවිට පිළිකුල් වූ දේවල් බොහොමයක් කළේය.+

  • ගීතාවලිය 106:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඔවුහු භූතයන්ට+

      තම දූදරුවන්ව පූජාවන් ලෙස ඔප්පු කළෝය.+

  • යෙසායා 57:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 දැවැන්ත ගස්+ අතරේද සශ්‍රීකව වැඩෙන+ සෑම ගසක් යටද දැවෙන රාගයෙන් මත්ව සිටින්නේ ඔබ නොවෙයිද? නිම්නවලද පර්වත අතරේද ඔබ දරුවන්ව මරා දමන්නහුය.+

  • යෙරෙමියා 7:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 තම දූදරුවන්ව ගින්නෙන් දැවීම සඳහා+ ඔවුහු බෙන්හින්නොම්* නිම්නයේ+ පිහිටි තෝෆෙත් නම් ස්ථානයේ පූජාසන ගොඩනැඟුවෝය.+ එවැනි දෙයක් කරන ලෙස මම ඔවුන්ට අණ කළේ නැත. එවැනි දෙයක් කිරීමේ අදහසක්වත් මාගේ සිතට පහළ වුණේ නැත.’+

  • එසකියෙල් 16:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “‘ඔබ වේශ්‍යාකම් කළා මදිවට මට දාව ඔබ බිහි කළ දරුදැරියන්වද+ එම රූප ඉදිරියෙහි ඔප්පු කළෙහිය.+

  • එසකියෙල් 23:37
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 37 ඔවුන් අනාචාරයේ* යෙදී ඇති අතර+ ඔවුන්ගේ අත්වල ලේ තැවරී තිබේ.+ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලට කරන නමස්කාරය අනාචාරයකි.+ එපමණක්ද නොව ඔවුහු තමන් විසින් බිහි කළ මාගේ පුත්‍රයන්වද ගින්නෙන් දවා* ඒ රූපවලට ආහාරයක් සේ පුදා ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න