ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 14:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එහිදී ආසා රජ තම දෙවි වූ යෙහෝවාට කන්නලව් කරමින්+ මෙසේ පැවසීය. “යෙහෝවා දෙවියනි, ඔබ උපකාර කිරීමට සූදානම් දෙවි කෙනෙක්. ඒ නිසා අප සුළු පිරිසක් වුණත් විශාල පිරිසක් වුණත් අපට උපකාර කිරීමට එය ඔබට බාධාවක් නොවෙයි.+ යෙහෝවා අපේ දෙවියනි, අපි විශ්වාසය තබා තිබෙන්නේ ඔබ මතයි.+ මේ විශාල සමූහයට විරුද්ධව අපි යුද්ධයට පැමිණියේ ඔබේ නාමයෙන්.+ ඒ නිසා අපට උපකාර කරන්න. යෙහෝවා දෙවියනි, ඔබයි අපේ දෙවි.+ ඔබට වඩා තමන් බලවත් කියා පෙන්වීමට දූවිලි වැනි මේ මනුෂ්‍යයන්ට ඉඩ දෙන්න එපා.”+

  • 2 ලේකම් 20:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මෙසේ පැවසීය.+

      “ස්වර්ගයේ වාසය කරන යෙහෝවා දෙවියනි,+ අපේ මුතුන්මිත්තන්ගේ දෙවි ඔබයි.+ සියලු රාජ්‍යයන්ට වඩා උසස්ව සිටින්නෙත් ඔබයි.+ සියලු බලැති දෙවි වන ඔබට විරුද්ධව නැඟී සිටින්න කාට පුළුවන්ද?+

  • ගීතාවලිය 33:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 අපි යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.+

      ඔහු අපේ උපකාරකයාය. අපේ පලිහය.+

  • යෙරෙමියා 18:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 යෙහෝවා දෙවියනි, මාව මරා දැමීමේ අරමුණින් ඔවුන් කරන කුමන්ත්‍රණ සියල්ල ඔබ හොඳින් දන්නෙහිය.+ ඔවුන් කළ වරදට කිසිම සමාවක් නොදෙන්න. ඔවුන් කළ පාපය මකා නොදමන්න. ඔවුන්ගේ වැටීම ඔබ ඉදිරියේම සිදු වේවා!+ ඔබේ උදහස වගුරුවන දවසේදී ඔවුන්ට දඬුවම් කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න