ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 15:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දාවිත් රජ ඊළඟට ලෙවීවරුන්ගේ ප්‍රධානීන්ට යම් මඟ පෙන්වීම් දුන්නේය. ඔවුන්ගේ සහෝදරයන් වූ ගායක පිරිස+ ඔවුන්ට නියම කළ ස්ථානවල සිටිය යුතු බවත් වීණා,+ කුඩා වීණා,+ අත්තාළම්+ යනාදි සංගීත භාණ්ඩ+ ඔවුන් මහත් හඬින් වාදනය කළ යුතු බවත් එම නාදයට තමන්ගේ ප්‍රීතිමත් හඬ එකතු කළ යුතු බවත් ඔහු ඔවුන්ට පැවසීය.

  • 1 ලේකම් 16:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල සේවය කිරීම සඳහා+ දාවිත් රජ ලෙවීවරුන්ව+ පත් කළේය. ඔවුන්ව එසේ පත් කළේ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා තම සෙනඟ වෙනුවෙන් කළ දේවල් ඔවුන්ට මතක් කර දීමටත්+ දෙවිට ස්තුති+ ප්‍රශංසා+ කිරීමටත්ය.

  • 1 ලේකම් 23:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එම අවස්ථාවේදී සියලුම ලෙවීවරුන්ව ගණනය කරන ලදි. වයස අවුරුදු තිහක් සහ ඊට වැඩි ලෙවීවරුන්ගේ සංඛ්‍යාව තිස්අටදහසකි.+ ඔවුහු සියලුදෙනාම ශක්තිමත් පුරුෂයෝය.

  • 1 ලේකම් 25:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 දාවිත් රජ හා සේවාවන් ඉටු කළ කණ්ඩායම් කෙරෙහි පත් කර තිබූ ප්‍රධානියෝ+ එක්ව වීණා,+ කුඩා වීණා+ සහ අත්තාළම්+ යන සංගීත භාණ්ඩ වාදනය කරමින් අනාවැකි පැවසූ ආසාෆ්, හේමාන්+ හා යෙදූතුන්+ යන තිදෙනාගේ පුත්‍රයන් කිහිපදෙනෙකුව ගායකයන් ලෙස තෝරාගත්තෝය. මෙම සේවය ඉටු කළ අයගේ ලැයිස්තුව මතු දැක්වේ.

  • 2 ලේකම් 29:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඒ අතරතුර රජුගේ අණ පරිදි ලෙවීවරු+ යෙහෝවා දෙවිගේ ගෘහයෙහි අත්තාළම්,+ වීණා+ සහ කුඩා වීණා+ අතැතිව සිටගෙන සිටියෝය. ඔවුන් එසේ සිටියේ යෙහෝවා දෙවි දාවිත් රජු මාර්ගයෙන්ද+ අනාගතවක්තෘවරුන් වූ ගාත්+ සහ නාතන්+ මාර්ගයෙන්ද අණ කර තිබූ ආකාරයටය.+

  • එස්රා 3:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවිගේ මාලිගාවේ අත්තිවාරම+ දැමූ අවස්ථාවේදී නිලඇඳුමෙන්+ සැරසී සිටි පූජකයෝ හොරණෑ+ අතැතිවද ලෙවීවරුන් වූ ආසාෆ්ගේ+ පුත්‍රයෝ අත්තාළම්+ අතැතිවද එහි රැස්ව සිටියෝය. ඊශ්‍රායෙල්හි රජු වූ දාවිත් කලින් උපදෙස්+ දී තිබුණු ආකාරයටම ඒ සියලුදෙනා සිටගෙන යෙහෝවා දෙවිට ප්‍රශංසා කිරීමට පටන්ගත්තෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න