ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 16:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඉන්පසු ඔහු යෙහෝවා දෙවිට පූජා ඔප්පු කිරීම සඳහා දේවමාලිගාවට ඉදිරියෙන් තිබූ තඹ පූජාසනය+ එතැනින් ඉවත් කර තමා සෑදූ පූජාසනයට උතුරින් එය තැබුවේය. කලින් තඹ පූජාසනය තිබුණේ ඔහු ගොඩනැඟූ පූජාසනයත් යෙහෝවා දෙවිගේ මාලිගාවත් අතරය.+

  • 2 ලේකම් 28:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ආහස් රජ සැබෑ දෙවිගේ ගෘහයේ භාවිත කළ භාජන+ ගෙන ඒවා කැබලි කළ අතර+ යෙහෝවා දෙවිගේ ගෘහයේ දොරටු වසා දැමුවේය.+ ඉන්පසු ඔහු යෙරුසලම පුරාම පූජාසන ඉදි කළේය.+

  • 2 ලේකම් 33:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 “මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා මම සදහටම යෙරුසලම තෝරාගත්තෙමි”+ කියා යෙහෝවා දෙවි තම ගෘහය ගැන පවසා තිබුණත් ඔහු යෙහෝවා දෙවිගේ ගෘහය තුළම බොරු නමස්කාරය සඳහා පූජාසන ඉදි කළේය.+

  • 2 ලේකම් 33:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමස්කාරය සඳහා ඔහු රූපයක්+ සාදා එය සැබෑ දෙවිගේ ගෘහයේ තැබුවේය.+ නමුත් තම ගෘහය ගැන දෙවි දාවිත් රජුටද ඔහුගේ පුත් සලමොන්ටද මෙසේ පවසා තිබිණ. “මේ ගෘහයද ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයත් නුවරවල් අතරින් මා තෝරාගත් මේ නුවර වන යෙරුසලමද මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා+ මම සදහටම+ තෝරාගත්තෙමි.+

  • 2 ලේකම් 33:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඔහු තම පියා වූ මනස්සේ රජු මෙන්+ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ තම පියා වූ මනස්සේ රජ+ විසින් සාදන ලද දේවතා රූපවලට+ පූජා ඔප්පු කරමින්+ ඔහු ඒවාට නමස්කාර කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න