18 එවිට ආසා රජ, යෙහෝවා දෙවිගේ ගෘහයේ හා රජමාලිගාවේ ගබඩා කර තිබූ රන් හා රිදී සියල්ල ගෙන ඒවා සිරියාවේ රජු වූ+ බෙන්-හාදද්ට+ දෙන පිණිස තමාගේ සේවකයන්ට භාර දුන්නේය. දමස්කයේ+ වාසය කළ බෙන්-හාදද්, හෙෂියොන්ගේ පුත් තබ්රිම්මොන්ගේ පුත්‍රයා විය. ආසා රජ ඔහුට මෙසේ කියා යැවීය.