33 කල් යත්ම හෙසකියා රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ දාවිත්ගේ පෙළපතේ අයව තැන්පත් කළ ස්ථානයේ ඉහළින්ම පිහිටි කොටසේය.+ ඔහු මිය ගිය විට යූදා හා යෙරුසලමෙහි සියලුම වැසියෝ ඔහුට ගරුබුහුමන් දැක්වූවෝය.+ ඔහුට පසු ඔහුගේ පුත් මනස්සේ+ රජකමට පත් විය.