ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 55:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා!+ කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා!+ එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා+ මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත.+

  • එසකියෙල් 33:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුන්ට මෙසේ පවසන්න. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ කියයි. “ජීවමාන දෙවි වන මම සහතිකවම මෙසේ පවසන්නෙමි. දුෂ්ටයෙකු වැරදි මාර්ගයෙන් හැරී+ දිගටම ජීවත් වෙනවාට මිස+ ඔහු මිය යනවාට මම කිසිසේත් කැමති නැත.+ අනේ ඊශ්‍රායෙල් ජනයෙනි, ඔබ කරන නපුරු දේවල් අත්හැර දමන්න.+ ඔබ නිකරුණේ මිය යා යුත්තේ මන්ද?”’+

  • හබක්කුක් 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබ මේ නපුරුකම් දෙස බලා සිටින්නේ කෙසේද? මා බලන බලන සෑම තැනම සොරකම්ද මැරවරකම්ද සිදු වෙයි. මගේ දෑසින් මේ දුෂ්ට දේවල් දකින්න ඔබ මට ඉඩහරින්නේ ඇයි? මෙතරම් කෝලහල අඬදබර සිදු වන්නේ මන්ද?+

  • හබක්කුක් 1:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබ මොන තරම් ශුද්ධ දෙවි කෙනෙක්ද කිවහොත් නපුර ගණන් නොගෙන සිටීමට ඔබට නොහැක. දුෂ්ටකම් නොසලකාහරින්න ඔබට නුපුළුවන.+ එසේනම්, ද්‍රෝහිකම් කරන අයට විරුද්ධව ඔබ පියවර නොගන්නේ මන්ද?+ දුෂ්ටයා තමාට වඩා යහපත් කෙනෙකුව විනාශ කරද්දී ඔබ නිහඬව බලා සිටින්නේ මන්ද?+

  • රෝම 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+

  • රෝම 9:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඇත්තෙන්ම දුෂ්ට මිනිසුන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ කර ඒ තුළින් තමා කොතරම් බලවත්ද කියා පෙන්වීමට දෙවිට හැකියාව තිබිණ. එසේවුවත් ඔහු මහත් ඉවසිල්ලක් පෙන්වමින් විනාශ කිරීමට සුදුසු බඳුන් හා සමාන ඒ පුද්ගලයන්ට විරුද්ධව තම උදහස ප්‍රකාශ නොකර සිටියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න