ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 28:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන+ ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම,+ ප්‍රීතියෙන්+ ඔහුට සේවය කරන්න.+ යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා.+ සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා.+ ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි.+ නමුත් යම් ආකාරයකින් ඔබ ඔහුව අත්හැරියොත්+ ඔහු ඔබවත් සදහටම අත්හරියි.+

  • ගීතාවලිය 62:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවියනි, ප්‍රේමයේ* උල්පත ඔබය.+

      එකිනෙකාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නෙත් ඔබය.+

  • හිතෝපදේශ 24:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+

  • යෙරෙමියා 32:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබේ අරමුණු ඉතා ශ්‍රේෂ්ඨයි.+ ඔබේ මහත් ක්‍රියාවලට සීමාවක් නැහැ.+ ඔබ එක් එක් මනුෂ්‍යයා ගත කරන ජීවිතයට අනුවද ඔහුගේ හැසිරීම් රටාවට අනුවද ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දෙන පිණිස+ ඔවුන් දෙසට නෙත් යොමා සිටිනවා.+

  • එසකියෙල් 33:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “ජනයෙනි, ‘යෙහෝවා දෙවි ක්‍රියා කරන ආකාරය සාධාරණ නැහැ’ කියා ඔබ පවසා ඇත.+ එහෙත් ඊශ්‍රායෙල් ජනයෙනි, මේ දේ අසන්න. මා ඔබව විනිශ්චය කරන්නේ ඔබ එක් එක් කෙනා ගත කරන ජීවිතයට අනුවයි.”+

  • මතෙව් 16:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මනුෂ්‍ය පුත්‍රයා සිය පියාණන්ගේ තේජසින් තම දූතයන් සමඟ ඒමට නියමිතයි. එවිට ඔහු එකිනෙකාට ඔවුන්ගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+

  • රෝම 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට ඔහු සෑම කෙනෙකුට තම ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+

  • 2 කොරින්ති 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මන්ද අප සියලුදෙනාටම ක්‍රිස්තුස්ගේ විනිශ්චයාසනය ඉදිරියේ පෙනී සිටීමට සිදු වනු ඇත.+ එවිට තම ශරීරය නමැති වාසස්ථානයේ සිටින විට කළ යහපත් දේවලට හෝ නපුරු දේවලට අනුව එකිනෙකාට ප්‍රතිඵල ලැබෙනු ඇත.+

  • ගලාති 6:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මුළා නොවන්න.+ දෙවිව රැවටීමට කිසි කෙනෙකුට නුපුළුවන.+ මන්ද කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.+

  • 1 පේතෘස් 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මීට අමතරව සෑම කෙනෙකුටම තමන් කරන දේට අනුව සාධාරණ විනිශ්චයක් ලබා දෙන පියාණන්ට+ ඔබ කන්නලව් කරනවා නම් ඔබ මිහිපිට තාවකාලික පදිංචිකරුවන් ලෙස සිටින මේ කාලයේදී+ දේවගරුබියෙන් යුතුව ක්‍රියා කරන්න.+

  • එළිදරව් 22:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “‘බලන්න! මම ඉක්මනින් ඇවිත්+ එකිනෙකාට තම තමාගේ ක්‍රියාවලට අනුව+ ආශීර්වාද හෝ දඬුවම් දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න