ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 16:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් යෙහෝවා දෙවි සාමුවෙල්ට මෙසේ කීවේය. “ඔහුගේ පෙනුම දෙසවත් ඔහුගේ උස මහත දෙසවත් නොබලන්න.+ මා තෝරාගත් තැනැත්තා ඔහු නොවෙයි. දෙවි දේවල් දෙස බලන්නේ මනුෂ්‍යයන් බලන ආකාරයට නොවෙයි.+ මනුෂ්‍යයන් දකින්නේ පිටතින් පෙනෙන දේ පමණය.+ නමුත් යෙහෝවා දෙවි වන මම සිතේ තිබෙන දේ දකිමි.”+

  • යෝබ් 34:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දෙවි මිනිසෙකුට ප්‍රතිඵල දෙන්නේ ඔහුගේ ක්‍රියාවලට අනුවය.+

      මිනිසෙකු හැසිරෙන ආකාරය අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න දෙවි ඉඩහරින්නේය.

  • හිතෝපදේශ 24:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “අපි මේ ගැන දැන සිටියේ නැත”+ යයි ඔබ කීවොත් ඔබේ සිතුම් පැතුම් සෝදිසි කර බලන තැනැත්තා ඒ ගැන සොයා බලන්නේ නැද්ද?+ ඔබ ගැන හොඳ සෝදිසියකින් සිටින තැනැත්තා එය දැනගන්නේ නැද්ද?+ ඔහු එක් එක් කෙනාට තම තමාගේ ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙන්නේ නැද්ද?+

  • යෙරෙමියා 32:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔබේ අරමුණු ඉතා ශ්‍රේෂ්ඨයි.+ ඔබේ මහත් ක්‍රියාවලට සීමාවක් නැහැ.+ ඔබ එක් එක් මනුෂ්‍යයා ගත කරන ජීවිතයට අනුවද ඔහුගේ හැසිරීම් රටාවට අනුවද ඔවුන්ට නිසි ප්‍රතිඵල ලබා දෙන පිණිස+ ඔවුන් දෙසට නෙත් යොමා සිටිනවා.+

  • එසකියෙල් 7:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 රජ පවා වැලපෙන්නේය.+ අධිපතීන්ගේ බලාපොරොත්තු සුන් වී යන්නේය.+ දේශයේ වැසියන්ගේ දෑත් වෙවුලන්නේය. ඔවුන්ගේ ක්‍රියාවලට අනුව මම ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමි.+ මම ඔවුන්ව විනිශ්චය කර ඔවුන්ට ලැබිය යුතු දඬුවම ලබා දෙන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වෙනවා ඇත.’”+

  • රෝම 2:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට ඔහු සෑම කෙනෙකුට තම ක්‍රියාවලට අනුව ප්‍රතිඵල දෙයි.+

  • 2 කොරින්ති 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මන්ද අප සියලුදෙනාටම ක්‍රිස්තුස්ගේ විනිශ්චයාසනය ඉදිරියේ පෙනී සිටීමට සිදු වනු ඇත.+ එවිට තම ශරීරය නමැති වාසස්ථානයේ සිටින විට කළ යහපත් දේවලට හෝ නපුරු දේවලට අනුව එකිනෙකාට ප්‍රතිඵල ලැබෙනු ඇත.+

  • ගලාති 6:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මුළා නොවන්න.+ දෙවිව රැවටීමට කිසි කෙනෙකුට නුපුළුවන.+ මන්ද කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.+

  • කොලොස්සි 3:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඇත්තෙන්ම වැරදි දේ කරන තැනැත්තාට තමා කළ වරදට ප්‍රතිඵල ලැබේ.+ එවැනි කාරණාවලදී දෙවි සියලුදෙනාටම එක හා සමානව සලකයි.+

  • 2 තිමෝති 4:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මට බොහෝ සෙයින් පීඩා කළ කෙනෙකු වන්නේ ඇලෙක්සැන්ඩර්+ නමැති තඹකරුවාය. ඔහු කළ දේට ප්‍රතිඵල ඔහුට යෙහෝවා දෙවිගෙන්ම ලැබෙනු ඇත.+

  • 1 පේතෘස් 1:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මීට අමතරව සෑම කෙනෙකුටම තමන් කරන දේට අනුව සාධාරණ විනිශ්චයක් ලබා දෙන පියාණන්ට+ ඔබ කන්නලව් කරනවා නම් ඔබ මිහිපිට තාවකාලික පදිංචිකරුවන් ලෙස සිටින මේ කාලයේදී+ දේවගරුබියෙන් යුතුව ක්‍රියා කරන්න.+

  • එළිදරව් 20:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඉන්පසුව මිය ගිය සියලු තරාතිරම්වල අය+ සිංහාසනය ඉදිරියෙහි සිටගෙන සිටින ආකාරය දැකගැනීමට මට හැකි විය. ඒ අවස්ථාවේදී අකුළා තිබුණු ලියවිලි දිගහරින ලදි. දිගහරිනු ලැබූ තවත් ලියවිල්ලක් වූයේ ජීවන ලියවිල්ලය.+ මිය ගොස් සිටි අයව ඒ ලියවිලිවල සටහන් කර තිබූ දේවලට අනුවද ඔවුන්ගේ ක්‍රියාවලට අනුවද විනිශ්චය කරනු ලැබීය.+

  • එළිදරව් 22:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “‘බලන්න! මම ඉක්මනින් ඇවිත්+ එකිනෙකාට තම තමාගේ ක්‍රියාවලට අනුව+ ආශීර්වාද හෝ දඬුවම් දෙන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න