ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මුහුදේ වතුර නැවත ක්‍රමක්‍රමයෙන් එකතු විය.+ අවසානයේදී ඊශ්‍රායෙලිතයන් පසුපස හඹාගෙන මුහුද මැදට ගිය පාරාවෝගේ සේනාවට අයිති සියලු යුධ රථද අසරුවෝද මුහුදට යට වූහ.+ පාරාවෝගේ සේනාවේ කිසිවෙක් බේරුණේ නැත.+

  • ගීතාවලිය 136:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 පාරාවෝද ඔහුගේ හමුදාවද ඒ මහ මුහුදේ ජල පහරට ගසාගෙන යෑමට සැලැස්වූ තැනැත්තාණන්ට ස්තුති කරන්න.+

      ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.+

  • යෙසායා 51:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවියනි, නැඟී සිටින්න! ඔබේ බලවත් හස්තය+ සවිමත් කරගන්න!+ ඈත අතීතයේ විසූ පරම්පරා සමඟ ඔබ කටයුතු කළාක් මෙන් නැවතත් ක්‍රියාශීලී වන්න.+ රාහබ්ව කෑලි කෑලිවලට කපා දැමුවේ ඔබ නොවෙයිද?+ ඒ මුහුදු සර්පයාට ඇන්නේ ඔබ නොවෙයිද?+

  • එසකියෙල් 29:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “ඊජිප්තුවේ රජ්ජුරුවෙනි,+ නයිල් නදියෙන් නික්මෙන සියලු දිය ධාරා පුරාම අණසක පතුරුවන+ සද්දන්තයා ඔබයි.+ ‘නයිල් නදිය මට අයිතිය. එය සෑදුවේ මමය’+ කියා ඔබ පවසා ඇත. ඒ නිසා මම ඔබට විරුද්ධව සිටිමි.

  • එසකියෙල් 32:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “මනුෂ්‍ය පුත්‍රය, ඊජිප්තුවේ රජු වන පාරාවෝ ගැන විලාප ගීයක් ගයන්න. ඔබ ඔහුට මෙසේ පැවසිය යුතුයි. ‘ජාතීන් අතරේ සැරිසැරූ තරුණ කේශර සිංහයෙකු මෙන් වූ ඔබව දැන් නිහඬ කර ඇත.+

      “‘ඔබ මහ සයුරේ ජීවත් වූ සද්දන්තයෙකු වැනිය.+ ඔබේ අණසක යටතේ තිබූ ගංගා දිගේ ඔබ බිය පතුරුවමින් වේගයෙන් ගමන් කළෙහිය. ඔබේ දෙපාවලින් ඔබ දිය පහරවල් මඩ කළෙහිය. ගංගාවන් කලඹවා අපවිත්‍ර කළෙහිය.’

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න