3 ඒ කාලයේදී කුසගින්නේ සිටින්න දෙවි ඔබට ඉඩහැරියා.+ ඉන්පසු ඔබවත් ඔබේ පියවරුන්වත් කවදාවත් නොදුටු මන්නාවලින්+ දෙවි ඔබව පෝෂණය කළා. දෙවි එසේ කළේ මිනිසාගේ ජීවිතය රඳා පවතින්නේ කෑම වේලක් මත පමණක් නොව, යෙහෝවා දෙවි පවසන සෑම දෙයක් මත බව ඔබට අවබෝධ කර දෙන්නයි.+ ඒ හැම අද්දැකීමකින්ම ඔබ නිහතමානිකම ඉගෙනගත්තා.