4 මම ඔබේ මුතුන්මිත්තන්ව යකඩ ගිනි උදුනක් මෙන් වූ+ ඊජිප්තුවෙන් පිටතට ගෙනා කාලයේදී ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගනිමින්+ ඔවුන්ට මෙසේ අණ කළෙමි. ‘මාගේ හඬට කීකරු වෙන්න. මම ඔබට දෙන සියලු ආඥා පිළිපදින්න.+ ඔබ එසේ කළොත් මම ඔබව මාගේ සෙනඟ ලෙස පිළිගන්නෙමි. මම ඔබේ දෙවි වන්නෙමි.+