ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 31:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මට විරුද්ධ වන සියල්ලන් ඉදිරියේ+ මම නින්දාවට ලක්ව සිටිමි.+

      මාගේ අසල්වැසියන් ඉදිරියේ මම අපහාසයට ලක්ව සිටිමි.+

      මාගේ මිත්‍රයෝ මා නිසා භයෙන් සිටිති.+

      මා එළිමහනේ සිටිනවා දැක ඔවුහු මා අත්හැර පලා දිව්වෝය.+

  • ගීතාවලිය 42:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 මට හිරිහැර කරන්නන් මට කොතරම් නින්දා කරනවාද කිවහොත් මාගේ ඇටකටු බිඳී යන්නා සේ මට දැනේ.+

      “ඔබේ දෙවි කොහේද” කියා ඔවුහු දවස මුළුල්ලේ මාගෙන් අසති.+

  • ගීතාවලිය 74:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අනේ දෙවියනි, තව කොපමණ කාලයක් ඔබේ විරුද්ධකරු ඔබට මෙසේ නින්දා කරනු ඇද්ද?+

      ඔබේ නාමයට අගෞරව කිරීමට ඔබ සදහටම සතුරාට ඉඩහරින්නෙහිද?+

  • ගීතාවලිය 79:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 අපේ අසල්වාසීන් ඉදිරියේ අපි නින්දාවට පත් වුණෙමු.+

      අන් අය ඉදිරියේ අපි විහිළුවටද සමච්චලයටද ලක් වුණෙමු.+

  • ගීතාවලිය 89:51
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 යෙහෝවා දෙවියනි, ඔබේ සතුරන් කළ නින්දා අපහාස අමතක නොකරන්න.+

      ඔබේ අභිෂේක ලත් තැනැත්තා කළ සෑම දෙයකටම ඔවුහු නින්දා කළෝය.+

  • රෝම 15:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ක්‍රිස්තුස් පවා තමාගේම සතුට ගැන සිතුවේ නැත.+ ඔහු ගැන ලියවිලිවල සඳහන් වන්නේ මෙසේය. “ඔබට නින්දා කළ අයගේ නින්දා අපහාස මා පිට පැමිණියේය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න