ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ‘යෙහෝවා දෙවි වන මම කෝප වීමට ඉක්මන් නොවන,+ ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන දෙවි කෙනෙක්ය. මම අයුතුකම්වලටද වැරදිවලටද සමාව දෙන+ නමුත් කිසිවිටෙක වරදකරුවන්ට දිය යුතු දඬුවමින් ඔවුන්ව නිදහස් නොකරමි.+ පියවරුන්ගේ වැරදි නිසා තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා ඔවුන්ගේ පුත්‍රයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.’+

  • ද්විතීය කතාව 5:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් මට ප්‍රේම කරන, මගේ ආඥා පවත්වන අයගේ පරම්පරා දහස් ගණනකට වුවත් මම මහත් ප්‍රේමයක්* පෙන්වන්නෙමි.+

  • නෙහෙමියා 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔවුන් ඔබට කිසි ලෙසකින්වත් සවන් දුන්නේ නැහැ.+ ඔබ ඔවුන් වෙනුවෙන් කළ පුදුම ක්‍රියා සිහි කළේවත් නැහැ.+ ඔවුන් නායකයෙකුව+ පත් කරගෙන නැවතත් ඊජිප්තුවේ මෙහෙකාරකම් කරන්න යන්න සූදානම් වුණා. දෙවියනි, ඔවුන් මෙතරම් සිත් දැඩි කරගෙන+ සිටියත් ඔබ ඔවුන්ව අත්හැරියේ නැහැ.+ මන්ද ඔබ සමාව දීමට කැමති+ කරුණාවන්ත+ හා දයාන්විත+ දෙවි කෙනෙක්. ඉමහත්+ ප්‍රේමයක්* පෙන්වන ඔබ කෝප වීමට ඉක්මන් වන්නෙත් නැහැ.+

  • ගීතාවලිය 86:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ දයාන්විතය. කරුණාවන්තය.+

      ඔබ කෝප වීමට ඉක්මන් නොවන්නෙහිය.+ සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙහිය. ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+

  • යෙරෙමියා 32:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මනුෂ්‍යයන් දහස් ගණනකට මහත් ප්‍රේමයක්* පෙන්වන,+ පියවරුන් කළ වැරදිවලට ඔවුන්ගේ දරුවන්ට පවා දඬුවම් කරන+ සැබෑ දෙවි ඔබයි. බලවත්,+ ශ්‍රේෂ්ඨ තැනැත්තාත්+ ඔබයි. ඔබේ නාමය+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.+

  • යෝවෙල් 2:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහෙයින් ඔබේ වස්ත්‍ර නොව+ සිත ඉරාගෙන+ ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී එන්න. මන්ද ඔහු දයාවන්තය. කරුණාවන්තය.+ ඉක්මනින් කෝප නොවන්නේය.+ ඔහුගේ ප්‍රේමය* ඉමහත්ය.+ තම සෙනඟ විපත්තියට මුහුණ දෙන විට ඔහු මහත් සේ දුකට පත් වන්නේය.+

  • යෝනා 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔහු යෙහෝවා දෙවිට යාච්ඤා කරමින් මෙසේ කීවේය. “යෙහෝවා දෙවියනි, ඔබ මේ වගේ දෙයක් කරාවි කියා මම මගේම රටේ සිටියදී දැනගෙන සිටියා. ඔබ ඉතා කරුණාවන්ත, දයාන්විත දෙවි කෙනෙක් බව මම දන්නවා.+ ඔබ ඉක්මනින් කෝප නොවන බොහෝ සෙයින් ප්‍රේමය* පෙන්වන දෙවි කෙනෙක්.+ ඔබ දඬුවමක් නියම කළ පසුත් අනුකම්පා කර තීරණය වෙනස් කරන බව මම දන්නවා.+ මම තර්ෂිෂ් වෙතට පලා යන්න+ තීරණය කළෙත් ඒ නිසයි.

  • නාහුම් 1:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 යෙහෝවා දෙවි ඉතා බලවත් දෙවි කෙනෙකු වුවත්+ ඔහු කෝප වීමට ඉක්මන් නොවෙයි.+ එහෙත් යෙහෝවා දෙවි, වරදකරුවන්ව කිසිවිටෙකත් ලැබිය යුතු දඬුවමින් නිදහස් කරන්නේ නැත.+

      දෙවි සැඩ සුළං හා කුණාටු මැදින් ගමන් කරයි. වලාකුළු දිස් වන්නේ ඔහුගේ ගමන් මඟෙහි ඇවිස්සුණු දූවිලි මෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න