ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 34:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මෝසෙස්ව පසු කර යමින් මෙසේ ප්‍රකාශ කළේය. “යෙහෝවා දෙවි වන මා දයාන්විතය.+ කරුණාවන්තය.+ කෝප වීමට ඉක්මන් නොවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන්නෙමි. සැමවිටම විශ්වාසවන්තව+ ක්‍රියා කරන්නෙමි.

  • ගණන් කතාව 14:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ‘යෙහෝවා දෙවි වන මම කෝප වීමට ඉක්මන් නොවන,+ ඉමහත් ප්‍රේමයක්*+ පෙන්වන දෙවි කෙනෙක්ය. මම අයුතුකම්වලටද වැරදිවලටද සමාව දෙන+ නමුත් කිසිවිටෙක වරදකරුවන්ට දිය යුතු දඬුවමින් ඔවුන්ව නිදහස් නොකරමි.+ පියවරුන්ගේ වැරදි නිසා තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා ඔවුන්ගේ පුත්‍රයන්ට අනිවාර්යයෙන්ම දඬුවම් කරන්නෙමි.’+

  • ද්විතීය කතාව 32:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 යෙහෝවා දෙවි තම සෙනඟව විනිශ්චය කරන බව ස්ථිරයි.+

      නමුත් තම සේවකයන් අන්ත අසරණ තත්වයකට පත්ව ඇති නිසාත්

      ඔවුන්ගේ උපකාරයට සිටි අය ඔවුන්ව අත්හැර ගොස් ඇති නිසාත් ඔහු ඔවුන් ගැන දුක් වෙයි.+

  • විනිශ්චයකරුවෝ 2:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 යෙහෝවා දෙවි සෙනඟට මඟ පෙන්වීම් ලබා දීම සඳහා විනිශ්චයකරුවන්ව පත් කළ විට+ ඒ විනිශ්චයකරුවන්ට අවශ්‍ය උපකාරද ඔහු ලබා දුන්නේය. විනිශ්චයකරුවෙකු දේශයේ සිටි කාලයේදී යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ව සතුරන් අතින් ගලවාගත්තේය. මන්ද සෙනඟ සතුරන් අතින් බොහෝ පීඩා විඳිමින් කන්නලව් කරන විට+ යෙහෝවා දෙවිට ඔවුන් ගැන මහත් දුකක් ඇති විය.+

  • 2 සාමුවෙල් 24:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙරුසලමේ ජනයාව විනාශ කරන පිණිස දේවදූතයෙක්+ ඒ නුවර දෙසට තම අත දිගු කළේය. පසුව සිදු වී තිබූ විනාශය දැක යෙහෝවා දෙවි දුක් වී,+ සෙනඟ පිටට පීඩා ගෙනා දේවදූතයාට මෙසේ කීවේය. “දැන් ඔබේ අත පහත දමන්න.” ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිගේ දූතයා සිටියේ යෙබූසිවරයෙකු වූ+ අරව්නාගේ+ කමත අසලය.

  • ගීතාවලිය 51:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 51 අනේ දෙවියනි, ඔබේ අතිමහත් ප්‍රේමය* මට පෙන්වන්න. මට අනුකම්පා කරන්න.+

      ඔබේ දයාව මට පෙන්වා මාගේ වැරදි මකා දමන්න.+

  • ගීතාවලිය 69:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා දෙවියනි, ඔබ මහත් ප්‍රේමයෙන්* පිරුණු දෙවි කෙනෙක් නිසා මට පිළිතුරු දෙන්න.+

      ඔබ දයාන්විත නිසා මා වෙතට හැරී මට කරුණාව පෙන්වන්න.+

  • ගීතාවලිය 86:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 නමුත් යෙහෝවා දෙවියනි, ඔබ දයාන්විතය. කරුණාවන්තය.+

      ඔබ කෝප වීමට ඉක්මන් නොවන්නෙහිය.+ සැමවිටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙහිය. ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+

  • ගීතාවලිය 90:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 අපව අත්හැර ගිය ඔබ නැවත අප වෙතට පැමිණෙන්න+ තව කොපමණ කලක් ගත වෙයිද?+

      අනේ යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයන්ට අනුකම්පා කරන්න.+

  • යෙසායා 63:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා දෙවිගේ කාරුණාව* ගැන මම ප්‍රකාශ කරන්නෙමි.+ යෙහෝවා දෙවි අප වෙනුවෙන් කළ සෑම දෙයක් ගැනම මම ඔහුව පසසන්නෙමි.+ යෙහෝවා දෙවි තම අසීමිත කරුණාවෙන් හා දයාවෙන්+ පෙලඹී ඊශ්‍රායෙල් ජාතිය වෙනුවෙන් කළ සියලු යහපත්කම්+ ගැන කියමින්, මම ඔහුට ප්‍රශංසා කරමි.

  • විලාප ගී 3:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 යම් කලකට දුක් විඳීමට දෙවි සැලැස්වූවත්+ ඔහු අතිමහත් ප්‍රේමයකින්* යුත් දෙවි කෙනෙක් නිසා ඔහු අනිවාර්යයෙන්ම දයාව පෙන්වනු ඇත.+

  • යෝවෙල් 2:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහෙයින් ඔබේ වස්ත්‍ර නොව+ සිත ඉරාගෙන+ ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී එන්න. මන්ද ඔහු දයාවන්තය. කරුණාවන්තය.+ ඉක්මනින් කෝප නොවන්නේය.+ ඔහුගේ ප්‍රේමය* ඉමහත්ය.+ තම සෙනඟ විපත්තියට මුහුණ දෙන විට ඔහු මහත් සේ දුකට පත් වන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න