නික්මයාම 14:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කළේය.+ යෙහෝවා දෙවි එවෙලේම නැඟෙනහිරෙන් තද සුළඟක් හමන්න සැලැස්වූවේය. මුළු රාත්‍රිය පුරාම හැමූ එම සුළඟ නිසා මුහුද ක්‍රමක්‍රමයෙන් දෙබෑ විය.+ මුහුදු පතුල මතු විය.+ යොෂුවා 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඔබ ඊජිප්තු දේශයෙන් පිටත්ව එද්දී යෙහෝවා දෙවි ඔබ ඉදිරියේ රතු මුහුදේ ජලය වියළෙන්න සැලැස්වූ හැටි අපිට ආරංචි වුණා.+ ඒ වගේම යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ ජීවත් වූ සීහොන්+ සහ ඕග්+ යන අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාව ඔබ විනාශ කළ හැටිත්+ අපිට අහන්න ලැබුණා. නෙහෙමියා 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 දෙවියනි, ඔබේ සෙනඟ ඉදිරියේම ඔබ මුහුදේ ජලය දෙපසට කර+ ඒ මැද වියළි බිමක්+ සෑදුවා. ඔවුන් එම වියළි බිම මැදින් ගමන් කළා. නමුත් ඔවුන් පසුපස ලුහුබැඳ ගිය ඔවුන්ගේ සතුරන්ව ඔබ විනාශ කළා. ජල පහරකට+ විසි කළ ගල් කැටයක්+ මෙන් ඔවුන් මුහුදු පතුලටම+ ගිලී ගියා. ගීතාවලිය 78:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුන්ට මුහුද මැදින් ගමන් කිරීමට හැකි වන පිණිස මුහුද දෙබෑ කළේය.+මහා ජල කඳ පවුරක් මෙන් නොසෙල්වී සිටින්නට සැලැස්වූවේය.+ ගීතාවලිය 106:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 දෙවි රතු මුහුදට අණ කළ විට එය ක්‍රමක්‍රමයෙන් දෙබෑ වී ගියේය.+කාන්තාරයක් මැදින් ගෙන යන්නාක් මෙන් ඔහු ඔවුන්ව ඒ මහා ජල ස්කන්ධය මැදින් ගෙන ගියේය.+
21 මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කළේය.+ යෙහෝවා දෙවි එවෙලේම නැඟෙනහිරෙන් තද සුළඟක් හමන්න සැලැස්වූවේය. මුළු රාත්‍රිය පුරාම හැමූ එම සුළඟ නිසා මුහුද ක්‍රමක්‍රමයෙන් දෙබෑ විය.+ මුහුදු පතුල මතු විය.+
10 ඔබ ඊජිප්තු දේශයෙන් පිටත්ව එද්දී යෙහෝවා දෙවි ඔබ ඉදිරියේ රතු මුහුදේ ජලය වියළෙන්න සැලැස්වූ හැටි අපිට ආරංචි වුණා.+ ඒ වගේම යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ ජීවත් වූ සීහොන්+ සහ ඕග්+ යන අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාව ඔබ විනාශ කළ හැටිත්+ අපිට අහන්න ලැබුණා.
11 දෙවියනි, ඔබේ සෙනඟ ඉදිරියේම ඔබ මුහුදේ ජලය දෙපසට කර+ ඒ මැද වියළි බිමක්+ සෑදුවා. ඔවුන් එම වියළි බිම මැදින් ගමන් කළා. නමුත් ඔවුන් පසුපස ලුහුබැඳ ගිය ඔවුන්ගේ සතුරන්ව ඔබ විනාශ කළා. ජල පහරකට+ විසි කළ ගල් කැටයක්+ මෙන් ඔවුන් මුහුදු පතුලටම+ ගිලී ගියා.
13 ඔවුන්ට මුහුද මැදින් ගමන් කිරීමට හැකි වන පිණිස මුහුද දෙබෑ කළේය.+මහා ජල කඳ පවුරක් මෙන් නොසෙල්වී සිටින්නට සැලැස්වූවේය.+
9 දෙවි රතු මුහුදට අණ කළ විට එය ක්‍රමක්‍රමයෙන් දෙබෑ වී ගියේය.+කාන්තාරයක් මැදින් ගෙන යන්නාක් මෙන් ඔහු ඔවුන්ව ඒ මහා ජල ස්කන්ධය මැදින් ගෙන ගියේය.+