ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 16:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුන් අතින් කිසිම ආකාරයක අසාධාරණයක් සිදු නොවිය යුතුයි.+ සියල්ලන්ටම එක හා සමානව සැලකිය යුතු+ ඔවුන් අල්ලස් ගැනීමෙන්ද වැළකී සිටිය යුතුයි. මන්ද හොඳ විනිශ්චයක් දෙන ඥානවන්තයෙකුව පවා අල්ලසක් දී නම්මවාගත හැකියි.+ එයින් ධර්මිෂ්ඨ කෙනෙකු වුණත් තමා දුන් තීන්දුව වෙනස් කරන්න පෙලඹිය හැකියි.

  • 1 සාමුවෙල් 8:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 නමුත් ඔහුගේ පුත්‍රයෝ ඔහුගේ අඩිපාරේ ගමන් කළේ නැත.+ අයුතු ලෙස ලාභ උපයාගත්+ ඔවුහු අල්ලස් ගනිමින්+ යුක්තිය පෙරළුවෝය.+

  • යෙසායා 1:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔබේ පාලකයෝ මුරණ්ඩුය. ඔවුන් මිතුරුකම් පවත්වන්නේ සොරුන් සමඟය.+ ඔවුහු අල්ලසට ආශා කරති.+ තෑග්ගක්+ ලබාගැනීමට බොහෝ සෙයින් වෙහෙසෙති. පියා නැති දරුවාට සාධාරණ විනිශ්චයක් නොදෙන ඔවුහු වැන්දඹුවගේ පැමිණිල්ලවත් ගණනකට ගන්නේ නැත.+

  • එසකියෙල් 22:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ ලේ වගුරුවන පිණිස අල්ලස් ගෙන ඇත.+ ඔබ පොලී අය කරන්නෙහිය.*+ අයුතු ලෙස අන්‍යයන්ගෙන් ලාභ උපයාගන්නෙහිය.+ ඔබ බලපුළුවන්කාරකම් පෙන්වමින්+ ඔබේ ආශ්‍රිතයන්ට අයිති දේ වංචනික ලෙස පැහැරගන්නෙහිය.+ ඔබට මාව සම්පූර්ණයෙන්ම අමතක වී ඇත.’+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.

  • ආමොස් 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ මට විරුද්ධව කී වතාවක් කැරලිගැසුවාද කියාත්+ ඔබ කළ පාප කොතරම් බරපතළද කියාත්+ මම දනිමි. මන්ද ඔබ ධර්මිෂ්ඨ අයට සතුරුකම් කරන්නහුය.+ අල්ලස් ගන්නහුය.+ නුවර දොරටුව අසලට+ පැමිණ තමන්ට යුක්තිය ඉටු කර දෙන මෙන් ඉල්ලන දිලිඳුන්ට ඔබ අසාධාරණකම් කරන්නහුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න