හිතෝපදේශ 13:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 වේවැල* පාවිච්චි නොකරන්නා තම දරුවාට වෛර කරයි.+ එහෙත් තම දරුවාට ප්‍රේම කරන්නා අවශ්‍ය හික්මවීම් දීමට මැළි නොවෙයි.+ හිතෝපදේශ 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔබේ පුත්‍රයාව යහමඟට ගැනීමට හැකියාව තිබෙන තාක් කල් ඔහුව හික්මවන්න.+ ඔහුට මරණ දඬුවම ලැබෙන තුරු බලා නොසිටින්න.+ හිතෝපදේශ 29:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 වේවැල* භාවිත කිරීමෙන්ද අවවාද දීමෙන්ද ප්‍රඥාව ලබා දිය හැක.+ නමුත් දරුවෙකුට හිතුමතේට ක්‍රියා කරන්න ඉඩහැරියොත් ඔහු තම මවව ලැජ්ජාවට පත් කරයි.+ හිතෝපදේශ 29:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔබේ පුත්‍රයාව හික්මවන්න. එවිට ඔහු ඔබේ ජීවිතයට සතුටක් හා සැනසීමක් ගෙන දෙයි.+ එෆීස 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න.+ ඒ වෙනුවට යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද+ දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද+ ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න.+
24 වේවැල* පාවිච්චි නොකරන්නා තම දරුවාට වෛර කරයි.+ එහෙත් තම දරුවාට ප්‍රේම කරන්නා අවශ්‍ය හික්මවීම් දීමට මැළි නොවෙයි.+
18 ඔබේ පුත්‍රයාව යහමඟට ගැනීමට හැකියාව තිබෙන තාක් කල් ඔහුව හික්මවන්න.+ ඔහුට මරණ දඬුවම ලැබෙන තුරු බලා නොසිටින්න.+
15 වේවැල* භාවිත කිරීමෙන්ද අවවාද දීමෙන්ද ප්‍රඥාව ලබා දිය හැක.+ නමුත් දරුවෙකුට හිතුමතේට ක්‍රියා කරන්න ඉඩහැරියොත් ඔහු තම මවව ලැජ්ජාවට පත් කරයි.+
4 පියවරුනි, ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති වන අයුරින් කටයුතු නොකරන්න.+ ඒ වෙනුවට යෙහෝවා දෙවිගෙන් ලැබෙන හික්මවීම් ලබා දීමෙන්ද+ දෙවි සිතන ආකාරයට සිතීමට ඉගැන්වීමෙන්ද+ ඔවුන්ව නිරතුරුව ඇතිදැඩි කරන්න.+