ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 23:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එවිට දාවිත්, “මම ගොස් පිලිස්තිවරුන්ට පහර දෙන්නද” කියා යෙහෝවා දෙවිගෙන් විමසුවේය.+ යෙහෝවා දෙවිද, “යන්න, පිලිස්තිවරුන්ට පහර දී ඔවුන්ගේ අතින් කෙයිලා නුවර බේරගන්න” කියා දාවිත්ට කීවේය.

  • 1 සාමුවෙල් 23:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එබැවින් දාවිත් නැවතත් යෙහෝවා දෙවිගෙන් විමසුවේය.+ එවිට යෙහෝවා දෙවි, “කෙයිලා වෙත දැන්මම යන්න. මම පිලිස්තිවරුන්ව ඔබට යටත් කර දෙන්නෙමි”+ කියා පැවසුවේය.

  • 1 ලේකම් 28:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “මගේ පුත් සලමොන්, මගේ දෙවිව හොඳින් දැන හඳුනා ගෙන+ ඔහුට ළං වන්න. ඔබේ මුළු හදවතින්ම,+ ප්‍රීතියෙන්+ ඔහුට සේවය කරන්න.+ යෙහෝවා දෙවි සියලුදෙනාගේම සිත් සෝදිසි කර බලනවා.+ සෑම සිතුවිල්ලක්ම ඔහු හොඳින් තේරුම්ගන්නවා.+ ඔබ නිතරම ඔහුගේ මඟ පෙන්වීම් පතනවා නම් ඔහු ඔබව පිළිගෙන ඔබට උපකාර කරන බව නිසැකයි.+ නමුත් යම් ආකාරයකින් ඔබ ඔහුව අත්හැරියොත්+ ඔහු ඔබවත් සදහටම අත්හරියි.+

  • නෙහෙමියා 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යෙහෝවා දෙවියනි, ඔබේ සේවකයා වන මාගේ යාච්ඤාවට සවන් දෙන්න.+ ඔබේ නාමයට ගරුබිය දැක්වීමෙන්+ මහත් ප්‍රීතියක් ලබන ඔබේ අනික් සේවකයන්ගේ යාච්ඤාවලටත් ඇහුම්කන් දෙන්න. ඔබේ සෙනඟ වෙනුවෙන් ඔබේ සේවකයා වන මා ගන්නා පියවරවලට ආශීර්වාද කරන්න.+ එසේම රජුගෙන් කරුණාව ලබන්නත් මට උදව් කරන්න+ කියා මා ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිනවා.”

      ඒ වන විට මා සේවය කරමින් සිටියේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නා+ ලෙසය.

  • ෆිලිප්පි 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න.+ ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින්+ ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න.+ එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.

  • කොලොස්සි 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔබ කුමක් පැවසුවත් කුමක් කළත්+ ඒ සෑම දෙයක්ම පියාණන් වන දෙවිට ස්තුති කරමින්+ ස්වාමීන් වන යේසුස්ව+ සිහියේ තබාගනිමින් කරන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න