15 එවිට සාවුල් රජ මෙසේ කීවේය. “ඒ කෑගහනවා ඇහෙන්නේ අමලෙක්වරුන්ගේ සත්ව රැළේ හිටිය හොඳම එළුවන්, බැටළුවන් සහ ගවයන්. උන්ව මරන්න සෙනඟ කැමති වුණේ නැහැ.+ ඔබේ දෙවි වන යෙහෝවාට පූජා ලෙස ඔප්පු කරන්නයි උන්ව තියාගත්තේ.+ අනික් සෑම දෙයක්ම අපි සම්පූර්ණයෙන්ම විනාශ කළා.”