3 “ආමොන්ගේ පුත්‍රයා වූ යූදාහි රජු වූ යොෂියා රජකම් කළ දහතුන්වන අවුරුද්දේ+ සිට මේ දවස දක්වාම එනම්, මේ අවුරුදු විසිතුන පුරාම යෙහෝවා දෙවිගෙන් බොහෝ පණිවිඩ මට ලැබිණ. ජනයෙනි, මා හිමිදිරි උදෑසන සිට නොනවත්වා ඒ පණිවිඩ ඔබට දැන්වුවත් ඔබ ඒවාට ඇහුම්කන් දුන්නේ නැත.+