ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 5:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔවුහු සටන් කරද්දී දෙවිගේ උපකාර ඉල්ලා කන්නලව් කළෝය.+ දෙවිගේ උපකාරය ඔවුන්ට ලැබුණු නිසා හග්රියවරුන්ව හා ඔවුන් සමඟ සිටි සියලුදෙනාවම පරාජය කිරීමට ඔවුන්ට හැකි විය. දෙවි ඔවුන්ට උපකාර කළේ ඔවුන් දෙවි කෙරෙහි විශ්වාසය තැබූ නිසාය.+

  • 2 ලේකම් 14:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එහිදී ආසා රජ තම දෙවි වූ යෙහෝවාට කන්නලව් කරමින්+ මෙසේ පැවසීය. “යෙහෝවා දෙවියනි, ඔබ උපකාර කිරීමට සූදානම් දෙවි කෙනෙක්. ඒ නිසා අප සුළු පිරිසක් වුණත් විශාල පිරිසක් වුණත් අපට උපකාර කිරීමට එය ඔබට බාධාවක් නොවෙයි.+ යෙහෝවා අපේ දෙවියනි, අපි විශ්වාසය තබා තිබෙන්නේ ඔබ මතයි.+ මේ විශාල සමූහයට විරුද්ධව අපි යුද්ධයට පැමිණියේ ඔබේ නාමයෙන්.+ ඒ නිසා අපට උපකාර කරන්න. යෙහෝවා දෙවියනි, ඔබයි අපේ දෙවි.+ ඔබට වඩා තමන් බලවත් කියා පෙන්වීමට දූවිලි වැනි මේ මනුෂ්‍යයන්ට ඉඩ දෙන්න එපා.”+

  • ගීතාවලිය 69:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 බොහෝ පීඩාවන් නිසා මම වේදනාවෙන් සිටිමි.+

      දෙවියනි, මට ගැලවීම සලසා දී මාව ආරක්ෂා කරන්න.+

  • හිතෝපදේශ 18:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි.+ ධර්මිෂ්ඨයා ඒ වෙත දුව ගොස් ආරක්ෂාව ලබයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න