ලෙවී කතාව 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඔබත් ඔබේ පුත්‍රයනුත් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන විට වයින්වත් වෙන ඕනෑම මත්පැන්+ වර්ගයක්වත් පානය නොකළ යුතුයි. ඒවා පානය කළොත් නිසැකවම ඔබ මිය යනු ඇත. එය ඔබත් ඔබෙන් පැවත එන අයත් හැමදාටම පිළිපැදිය යුතු නියෝගයකි. එස්තර් 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 රජු අණ කළ ලෙස පණිවිඩකරුවෝ හැකි ඉක්මනින්+ එම ලිපි බෙදා දුන්නෝය. ෂූෂන්+ මාලිගාවේද එම නීතිය ගැන දැනුම් දෙන ලදි. රජු සහ හාමාන් වයින් බොමින් විනෝද වෙමින් සිටියදී+ ෂූෂන් නුවරෙහි+ නොසන්සුන් වාතාවරණයක් උද්ගත වී තිබිණ.+ දේශනාකාරයා 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එහෙත් ඔබේ රජු වංශවත් තැනැත්තෙකු නම් ඔබ සන්තෝෂවත්ය. ඔබේ අධිපතීන් බේබදුකමට නොවැටී,+ සවිශක්තිය ලබාගන්නා පිණිස නිසි වේලාවට කෑම ගන්නේ නම් ඔබ ආශීර්වාද ලත් සෙනඟකි. යෙසායා 28:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මොවුහු වයින් සහ මත්පැන් නිසා මංමුළා වී ඇත. පූජකයාද අනාගතවක්තෘවරයාද+ මත්පැන් හා වයින් නිසා වියවුල් වී ඒ මේ අත ඇවිදිති.+ දර්ශන තේරුම්ගැනීමට හා නිවැරදි තීරණ ගැනීමට නොහැකි වන තරමටම ඔවුහු මත් වී සිටිති. දානියෙල් 5:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔවුහු වයින් බොමින් රන්, රිදී, තඹ, යකඩ, ලී හා ගල්වලින් සාදාගත් තම දෙවිවරුන්ට ප්‍රශංසා කළෝය.+ හොෂෙයා 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 වේශ්‍යාකම් කිරීමෙන්ද පරණ සහ අලුත් වයින් පානය කිරීමෙන්ද සිතුවිලි විකෘති වී යහපත් චේතනා නැති වී යයි.+
9 “ඔබත් ඔබේ පුත්‍රයනුත් සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන විට වයින්වත් වෙන ඕනෑම මත්පැන්+ වර්ගයක්වත් පානය නොකළ යුතුයි. ඒවා පානය කළොත් නිසැකවම ඔබ මිය යනු ඇත. එය ඔබත් ඔබෙන් පැවත එන අයත් හැමදාටම පිළිපැදිය යුතු නියෝගයකි.
15 රජු අණ කළ ලෙස පණිවිඩකරුවෝ හැකි ඉක්මනින්+ එම ලිපි බෙදා දුන්නෝය. ෂූෂන්+ මාලිගාවේද එම නීතිය ගැන දැනුම් දෙන ලදි. රජු සහ හාමාන් වයින් බොමින් විනෝද වෙමින් සිටියදී+ ෂූෂන් නුවරෙහි+ නොසන්සුන් වාතාවරණයක් උද්ගත වී තිබිණ.+
17 එහෙත් ඔබේ රජු වංශවත් තැනැත්තෙකු නම් ඔබ සන්තෝෂවත්ය. ඔබේ අධිපතීන් බේබදුකමට නොවැටී,+ සවිශක්තිය ලබාගන්නා පිණිස නිසි වේලාවට කෑම ගන්නේ නම් ඔබ ආශීර්වාද ලත් සෙනඟකි.
7 මොවුහු වයින් සහ මත්පැන් නිසා මංමුළා වී ඇත. පූජකයාද අනාගතවක්තෘවරයාද+ මත්පැන් හා වයින් නිසා වියවුල් වී ඒ මේ අත ඇවිදිති.+ දර්ශන තේරුම්ගැනීමට හා නිවැරදි තීරණ ගැනීමට නොහැකි වන තරමටම ඔවුහු මත් වී සිටිති.
11 වේශ්‍යාකම් කිරීමෙන්ද පරණ සහ අලුත් වයින් පානය කිරීමෙන්ද සිතුවිලි විකෘති වී යහපත් චේතනා නැති වී යයි.+