-
යෙසායා 66:3ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
3 “නමුත් ඔවුහු පිළිකුල්සහගත දේ කිරීමෙන් මහත් තෘප්තියක් ලබන, හිතුමනාපෙට හැසිරෙන සෙනඟකි.+ ඔවුන් ගොනෙකු මරා මට පූජා කළත් මා එය සලකන්නේ මිනී මැරුමක් ලෙසය.+ ඔවුන් මට බැටළුවෙකු පූජා කළත් මා එය සලකන්නේ බල්ලෙකුව පූජා කරන්නාක් මෙනි.+ ඔවුන්ගේ යාග පූජා ඌරෙකුගේ රුධිරය තරම්ම මට පිළිකුලකි.+ සිහිගැන්වීමක් ලෙස පූජාසනයේ කට්ටකුමංජල්+ ඔප්පු කරන තැනැත්තාව මා සලකන්නේ මන්තරයක් ජප කර ආශීර්වාද දෙන තැනැත්තෙකු මෙනි.+
-
-
මතෙව් 23:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 “නීතිය පිටපත් කරන්නෙනි, පරිසිවරුනි, කුහක වූ ඔබට මොන තරම් දරුණු ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදු වෙයිද! මන්ද ඔබ මිංචි, ඈඳුරු, සූදුරු යන දේවලින් දසයෙන් කොටස දෙන+ නමුත් යුක්තිය,+ දයාව,+ විශ්වාසවන්තකම+ යන නීතියේ වඩා බැරෑරුම් කාරණාවලට ඔබ කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මුලින් සඳහන් කළ දේවල් කිරීමට අවශ්‍ය බව ඇත්තයි. නමුත් වඩා වැදගත් වන්නේ දෙවෙනියට සඳහන් කළ දේවලුයි. ඔබ නොසලකාහැර තිබෙන්නෙත් ඒ දේවලුයි.
-