ද්විතීය කතාව 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මිදිවත්තක් වවා එහි පලදාව තවමත් නෙළා නැති කෙනෙක් සිටිනවා නම් ඔහුටත් තම නිවස බලා ආපහු යන්න පුළුවන්. නැත්නම් ඔහු හදිස්සියේ සටනේදී මිය ගියොත් එහි පලදාව වෙන කෙනෙක් එකතු කරගනියි.+ ගීතාවලිය 128:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මන්ද ඔබ ඔබේම දෑතින් උපයාගත් දේ භුක්ති විඳිනු ඇත.+ඔබ සන්තෝෂයෙන් ජීවත් වනු ඇත. ඔබ යහපත අද්දකිනු ඇත.+ දේශනාකාරයා 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මම දැක නැත.+ සැබෑ දෙවි ඔහුට ජීවත් වීමට දුන් කාලය පුරාම ඔහු දැරූ උත්සාහයට ලැබෙන ප්‍රතිඵලය එයයි. යෙසායා 65:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත. මාගේ සෙනඟ වෘක්ෂයක් මෙන් බොහෝ කල් ජීවත් වන්නෝය.+ මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.+
6 මිදිවත්තක් වවා එහි පලදාව තවමත් නෙළා නැති කෙනෙක් සිටිනවා නම් ඔහුටත් තම නිවස බලා ආපහු යන්න පුළුවන්. නැත්නම් ඔහු හදිස්සියේ සටනේදී මිය ගියොත් එහි පලදාව වෙන කෙනෙක් එකතු කරගනියි.+
18 මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මම දැක නැත.+ සැබෑ දෙවි ඔහුට ජීවත් වීමට දුන් කාලය පුරාම ඔහු දැරූ උත්සාහයට ලැබෙන ප්‍රතිඵලය එයයි.
22 ඔවුන් ගොඩනඟන නිවෙස්වල වෙනත් අය ජීවත් වන්නේ නැත. ඔවුන් වගා කරන කෙත්වතුවල පලදාව වෙනත් අය භුක්ති විඳින්නේ නැත. මාගේ සෙනඟ වෘක්ෂයක් මෙන් බොහෝ කල් ජීවත් වන්නෝය.+ මාගේ තෝරාගත් අය තමන් කරන වැඩවලින් නියම සතුටක් ලබන්නෝය.+