හිතෝපදේශ 31:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මාගේ පුත්‍ර ලෙමුවෙල්, වයින් බීම රජෙකුට නුසුදුසුය. නිතරම මත්පැන් සොයා යෑම නිලධාරියෙකුට සුදුසු නැත.+ යෙසායා 28:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මොවුහු වයින් සහ මත්පැන් නිසා මංමුළා වී ඇත. පූජකයාද අනාගතවක්තෘවරයාද+ මත්පැන් හා වයින් නිසා වියවුල් වී ඒ මේ අත ඇවිදිති.+ දර්ශන තේරුම්ගැනීමට හා නිවැරදි තීරණ ගැනීමට නොහැකි වන තරමටම ඔවුහු මත් වී සිටිති. හොෂෙයා 7:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අපේ රජුගේ උත්සව දවසේදී පාලකයෝ ඔක්කාරයට එන තෙක් වයින් බීවෝය.+ වයින් නිසා ඔවුන්ගේ කෝපය ඇවිස්සී ඇත.+ සමච්චල් කරන්නන් සමඟ රජද එකතු වී සිටියි.
7 මොවුහු වයින් සහ මත්පැන් නිසා මංමුළා වී ඇත. පූජකයාද අනාගතවක්තෘවරයාද+ මත්පැන් හා වයින් නිසා වියවුල් වී ඒ මේ අත ඇවිදිති.+ දර්ශන තේරුම්ගැනීමට හා නිවැරදි තීරණ ගැනීමට නොහැකි වන තරමටම ඔවුහු මත් වී සිටිති.
5 අපේ රජුගේ උත්සව දවසේදී පාලකයෝ ඔක්කාරයට එන තෙක් වයින් බීවෝය.+ වයින් නිසා ඔවුන්ගේ කෝපය ඇවිස්සී ඇත.+ සමච්චල් කරන්නන් සමඟ රජද එකතු වී සිටියි.