දේශනාකාරයා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 එහෙත් මා ඉටු කළ සෑම දෙයක් දෙසද මගේ දෑතේ උත්සාහයෙන් කළ සෑම වැඩක් දෙසද ආපසු හැරී බලද්දී+ ඒ සියල්ලත් නිෂ්ඵල බව මට පෙනුණි. එය සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් විය.+ ඉර යට කෙරෙන කිසි වැඩකින් ප්‍රයෝජනයක් නැති බව මට පෙනී ගියේය.+ යෙසායා 55:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ කෑම මිල දී ගන්නවා වෙනුවට නොවටිනා දේවල් සඳහා මුදල් යොදවන්නේ මන්ද? තෘප්තිය නොගෙනෙන දෙයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ මන්ද?+ මට සවන් දී, හොඳ දේ කන්න.+ දිව පිනවන රසවත්ම කෑම කා තෘප්තිමත් වන්න.+ මතෙව් 16:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත් තම ජීවිතය අහිමි කරගන්නවා නම්+ ඔහුට එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? තමන් සතු සියල්ල දුන්නත් මිනිසෙකුට තම ජීවිතය බේරාගත හැකිද?+ යොහන් 6:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 නැති වී යන මෙවැනි ආහාර වෙනුවෙන් ඔබ වෙහෙසෙන්න එපා.+ ඒ වෙනුවට මනුෂ්‍ය පුත්‍රයා ඔබට ලබා දෙන කිසිදා නැති වී නොයන සදාකාල ජීවනයට මඟ පාදන ආහාර ලබාගන්න උත්සාහ කරන්න.+ මන්ද පියාණන්ගේ එනම්, දෙවිගේ අනුමැතිය තිබෙන්නේ මනුෂ්‍ය පුත්‍රයාටයි.”+
11 එහෙත් මා ඉටු කළ සෑම දෙයක් දෙසද මගේ දෑතේ උත්සාහයෙන් කළ සෑම වැඩක් දෙසද ආපසු හැරී බලද්දී+ ඒ සියල්ලත් නිෂ්ඵල බව මට පෙනුණි. එය සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් විය.+ ඉර යට කෙරෙන කිසි වැඩකින් ප්‍රයෝජනයක් නැති බව මට පෙනී ගියේය.+
2 ඔබ කෑම මිල දී ගන්නවා වෙනුවට නොවටිනා දේවල් සඳහා මුදල් යොදවන්නේ මන්ද? තෘප්තිය නොගෙනෙන දෙයක් වෙනුවෙන් වෙහෙසෙන්නේ මන්ද?+ මට සවන් දී, හොඳ දේ කන්න.+ දිව පිනවන රසවත්ම කෑම කා තෘප්තිමත් වන්න.+
26 මිනිසෙකු මුළු ලෝකයම ලබාගත්තත් තම ජීවිතය අහිමි කරගන්නවා නම්+ ඔහුට එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? තමන් සතු සියල්ල දුන්නත් මිනිසෙකුට තම ජීවිතය බේරාගත හැකිද?+
27 නැති වී යන මෙවැනි ආහාර වෙනුවෙන් ඔබ වෙහෙසෙන්න එපා.+ ඒ වෙනුවට මනුෂ්‍ය පුත්‍රයා ඔබට ලබා දෙන කිසිදා නැති වී නොයන සදාකාල ජීවනයට මඟ පාදන ආහාර ලබාගන්න උත්සාහ කරන්න.+ මන්ද පියාණන්ගේ එනම්, දෙවිගේ අනුමැතිය තිබෙන්නේ මනුෂ්‍ය පුත්‍රයාටයි.”+