ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හිතෝපදේශ 11:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නිර්දෝෂ තැනැත්තා තම මාර්ග සමතලා කරගන්නේ තම ධර්මිෂ්ඨකම නිසාය.+ නමුත් දුෂ්ටයා තමාගේම දුෂ්ටකම නිසා වැටෙන්නේය.+

  • මතෙව් 3:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 “සවන් දෙන්න! ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මඟ එළි පෙහෙළි කර සූදානම් කරන්න! ඔහුගේ මාවත් සමතලා කරන්න’+ යයි කියමින් යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය” කියා අනාගතවක්තෘ යෙසායා පැවසුවේ ඔහු ගැනය.+

  • ලූක් 3:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 සෑම නිම්නයක්ම පස්වලින් පිරවිය යුතුයි. සියලුම කඳු හා හෙල්ද සමතලා කළ යුතුයි. වංගු සහිත මාර්ග කෙළින් කර රළු බිම් සමතලා තැන් බවට පත් කළ යුතුයි.+

  • යොහන් 1:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. “අනාගතවක්තෘ යෙසායා පැවසූ දේ ඔබට මතකද? ඔහු කිව්වේ, ‘යෙහෝවා දෙවිගේ මඟ සමතලා කරන්න’ කියා යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය කියායි. ඒ තැනැත්තා මමයි.”+

  • 2 තිමෝති 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මුළු ශුද්ධ ලියවිල්ලම ලියා තිබෙන්නේ දෙවිගේ මඟ පෙන්වීම තුළිනි.+ එය ඉගැන්වීමටත්+ අවවාද කිරීමටත්+ කාරණා නිවැරදි කිරීමටත්+ ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත්+ ප්‍රයෝජනවත්ය.

  • හෙබ්‍රෙව් 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නමුත් එම පරිත්‍යාග සහ පූජාවන් විවිධ කෑම+ බීමවලට+ මෙන්ම චාරිත්‍රානුකූලව පවිත්‍ර වීමේ පිළිවෙත්වලට+ පමණක් අදාළ වේ. ඒ අනුව එම නීතික අවශ්‍යතා අදාළ වූයේ බාහිර දේවලට පමණක් බව පැහැදිලිය.+ එලෙසම ඒවා පනවනු ලැබුවේ දෙවිගේ අරමුණට එකඟව සෑම දෙයක්ම නිවැරදි කිරීමට නියමිත කාලය පැමිණෙන තුරුය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න