ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 6:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 එවිට මම, “අනේ යෙහෝවා දෙවියනි, මේ තත්වය තව කොපමණ කාලයක් පවතීද”+ කියා ඇසුවෙමි. එවිට ඔහු මෙසේ කීවේය. “නුවරවල් නටබුන් වී යන තුරුත් පදිංචියට කාත් කවුරුත් නැතුව නිවෙස් පාළු වී යන තුරුත් මුළු දේශයම නාස්ති වී යන තුරුත් මේ තත්වය පවතියි.+

  • යෙසායා 17:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඒ කාලයේදී ඔහුගේ සුරක්ෂිත නුවරවල් අත්හැර ගිය පාළු ස්ථානයක් මෙන්ද විසි කර දැමූ අත්තක් මෙන්ද වන්නේය. ඊශ්‍රායෙල්වරුන්ගේ ක්‍රියාකලාපය නිසා දේශය මුළුමනින්ම විනාශ වෙයි.+

  • යෙරෙමියා 26:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “යූදාහි රජු වූ හෙසකියා පාලනය කළ කාලයේදී+ මොරෂෙත් නගරයේ විසූ+ මීකා+ පැමිණ යූදාහි සෙනඟට මෙවැනි අනාවැකියක් පැවසුවා. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කෙතක් හාන්නාක් මෙන් සියොන් නාස්ති කරනු ලබන්නේය.+ යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් බවට පත් වන්නේය.”’+

  • විලාප ගී 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 යෙහෝවා දෙවි සතුරෙකු මෙන් ක්‍රියා කරමින්+ ඊශ්‍රායෙල් නටබුන් ගොඩක් බවට පත් කළේය.+

      ඇගේ බලකොටු සියල්ලද+ පවුරුද විනාශ කර දැමුවේය.+

      යූදා දියණියගේ ශෝකය වැඩි කළේය. ඇය බොහෝ සෙයින් වැලපුණාය.+

  • එසකියෙල් 36:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එබැවින් ඊශ්‍රායෙල් දේශයේ කඳුකරය,+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න. විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි කඳු, හෙල්, ගංගා, තැනිතලා හා පාළුවට ගිය ස්ථානවලට පවසන දේට සවන් දෙන්න.+ ඉතුරුව සිටින අවට ජාතීන්ගේ සරදමටත් කොල්ල කෑමටත් ලක් වූ අත්හැර ගිය නුවරවලට ඔහු පවසන දේට සවන් දෙන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න