20 ඒ කාලයේදී හෙසකියා රජ අසනීප වී මරණාසන්නව සිටියේය.+ දවසක් අනාගතවක්තෘ වූ ආමොෂ්ගේ පුත් යෙසායා+ ඔහු වෙතට පැමිණ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි ඔබට මෙසේ පැවසුවා. ‘ඔබ සුවය ලබන්නේ නැත. ඔබ මිය යන්නෙහිය.+ ඒ නිසා දැන් ඔබේ ගෙයි වැසියන්ව කැඳවා පවුලේ කාරණා සැලසුම් කරන්න.’”+