22 හෙසකියා රජ යෙහෝවා දෙවිට හොඳින් සේවය කළ සියලු ලෙවීවරුන්ව+ අගය කරමින් ඔවුන්ව දිරිගැන්වූයේය.+ ලෙවීවරු සහ මුළු සෙනඟ දින සතක් පුරා උත්සවය පැවැත්වූ අතර ඒ සඳහා පිළියෙල කළ ආහාරද අනුභව කළෝය.+ එමෙන්ම ඔවුහු හවුල් පූජා ඔප්පු කරමින්+ තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ තමන් කළ වැරදි පිළිගත්තෝය.+