8 යෙහෝවා දෙවි මෙසේද පවසයි. “මගේ අනුමැතිය ලබාගත හැකි කාලයේදී මම ඔබට පිළිතුරු දුන්නෙමි.+ ගැලවීම ලබා දෙන දිනයේදී මම ඔබට පිහිට වුණෙමි.+ මම ඔබව ආරක්ෂා කර සියලු ජනයාට සහතිකයක් ලබා දෙන පිණිසත්+ දේශය යළි ගොඩනඟා+ පාළුවට ගිය ඉඩම් නැවත උරුම කර දෙන පිණිසත් ඔබව යැව්වෙමි.+