ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+

  • ගීතාවලිය 106:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 යෙහෝවා, අපේ දෙවියනි, අපව බේරාගන්න.+

      ඔබේ ශුද්ධ නාමයට+ ප්‍රශංසා කිරීමටත්

      ඔබව පැසසීමටත් හැකි වන පිණිස+

      විවිධ දේශයන්වලට විසුරුවාහැරිය අපව එකට එක් රැස් කරගන්න.+

  • යෙසායා 66:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවි වන මාගේ ගෘහයට පවිත්‍ර භාජනයක තෑග්ගක් රැගෙන එන්නාක් මෙන්+ ඔවුහු සියලු ජාතීන් අතරේ සිටින ඔබේ සහෝදරයන්ව+ යෙහෝවා දෙවි වන මා වෙතට රැගෙන එන්නෝය.+ ඔවුන්ව අශ්වයන් පිටද අශ්ව රථ පිටද කරත්ත පිටද කොටළුවන් පිටද වේගයෙන් දුවන ඔටුදෙනුන්+ පිටද තබාගෙන මාගේ ශුද්ධ කන්ද+ වන යෙරුසලමට ගෙනෙනු ලබයි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

  • එසකියෙල් 36:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ‘ඔබ විසිරී සිටින දේශයන් අතරින්ද ජාතීන් අතරින්ද මම ඔබව එකතු කරගෙන ඔබේම දේශයට ගෙනෙන්නෙමි.+

  • මීකා 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “‘යාකොබ්ගේ සෙනඟෙනි, මම නැවත ඔබව එක් රැස් කරන්නෙමි.+ ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වන අයව මම එක් රැස් කරන්නෙමි.+ එකම ගාලක සිටින බැටළුවන් මෙන්ද තණබිමේ සිටින බැටළු රැළක් මෙන්ද මම ඔවුන්ට එකමුතුව විසීමට සලස්වන්නෙමි.+ එවිට ඔවුහුද ප්‍රීති ඝෝෂා නඟමින් එකට ජීවත් වන්නෝය.’+

  • සෙකරියා 8:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. නැඟෙනහිරෙන් හා බස්නාහිරෙන් පිහිටි දේශවලින් මාගේ සෙනඟව මම ගලවාගන්නෙමි.+

  • රෝම 11:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එලෙස මුළු ‘ඊශ්‍රායෙලයම’+ ගලවනු ලැබේ. ලියවිලිවල සඳහන් වන්නේ මෙයයි. “මිදුම්කරු සියොන්හි සිට පැමිණ,+ දෙවිට අගෞරවයක් ගෙන දෙන ක්‍රියා යාකොබ් අතරින් ඉවත් කරන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න