8 “ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි වන මම මගේම නමින් දිවුරන්නෙමි.+ යාකොබ්ගේ උඩඟුකම මට පිළිකුලකි.+ ඔහුගේ රාජකීය බලකොටු දෙස බලන්නවත් මම කැමති නැත.+ ඒ නගරයත් එහි ඇති සියල්ලත් මම සතුරන්ගේ අතට භාර දෙන්නෙමි.+