-
විනිශ්චයකරුවෝ 6:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 එවිට ගිඩියොන් ඔහුට මෙසේ පැවසුවේය. “මාගේ ස්වාමීනි, මේ විදිහට කතා කරනවාට මට සමාවෙන්න. නමුත් අපට උපකාර කරන්න යෙහෝවා දෙවි අප සමඟ ඉන්නවා නම් ඇයි අපිට මෙච්චර දුක් කරදරවලට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ?+ අපේ පියවරුන් කිව්වේ,+ ‘ඊජිප්තුවෙන් අපිව බේරගත්තේ යෙහෝවා දෙවි’+ කියලයි. එහෙමනම් ඒ කාලයේ කළ පුදුම ක්‍රියා දෙවි දැන් කරන්නේ නැත්තේ ඇයි?+ යෙහෝවා දෙවි අපිව අත්හැරලා.+ ඒ බව හොඳටම පැහැදිලියි. ඒ නිසයි අපි මිදියන්වරුන් අතින් මෙච්චර පීඩා විඳින්නේ.”
-
-
නෙහෙමියා 9:10ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
10 පාරාවෝ හා ඔහුගේ සියලු සේවකයනුත් ඔහුගේ දේශයේ+ විසූ මුළු ජනතාවත් ඔබේ සෙනඟට විරුද්ධව ඉතා උද්දච්ච ලෙස ක්‍රියා කළ නිසා,+ ඔබ ඔවුන්ට විරුද්ධව බොහෝ විපත් ඇති කරමින් බලවත් ක්‍රියා හා ආශ්චර්යයන් සිදු කළා. ඔබ එසේ කර ඔබටම ශ්‍රේෂ්ඨ නාමයක්+ ඇති කරගත්තා. අද වන තුරුත් ඔබ කළ ඒ ශ්‍රේෂ්ඨ ක්‍රියා කිසිවෙකුට අමතක වී නැහැ.
-