යෝබ් 14:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කපා දැමූ ගසක් කෙරෙහි වුවද බලාපොරොත්තු තැබිය හැක.එය කපා දැමුවත් යළි දලු ලා,+අලුත් රිකිලි හටගනු ඇත. යෙසායා 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙස්සේගේ+ කඳෙන් අංකුරයක්+ හටගන්නේය. ඔහුගේ මුල්වලින් පැළෑටියක්+ හටගෙන පල දරන්නේය.+ සෙකරියා 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඉන්පසු ඔබ ඔහුට මෙසේ කියන්න.“‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “අංකුරය ලෙස හඳුන්වන+ තැනැත්තා මොහුය.+ ඔහු තමාගේ ස්ථානයේදී වර්ධනය වී යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්නේය.+ ෆිලිප්පි 2:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ වෙනුවට ඔහු තමා සතු සියල්ල අත්හැර දාසයෙකු හා සමාන විය.+ ඔහු මෙලොවට පැමිණියේ මිනිසෙකු ලෙසය.+
12 ඉන්පසු ඔබ ඔහුට මෙසේ කියන්න.“‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “අංකුරය ලෙස හඳුන්වන+ තැනැත්තා මොහුය.+ ඔහු තමාගේ ස්ථානයේදී වර්ධනය වී යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්නේය.+