ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 28:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඉන්පසු තෝරාගත් පුරුෂයෝ+ පිරිසක් වහලුන් ළඟට පැමිණ හමුදාව රැගෙන ආ කොල්ලයෙන්, ඇඳුම් අවශ්‍යව සිටි අයට ඇඳගැනීමට ඇඳුම්ද+ පාවහන්ද දුන්නෝය. එපමණක්ද නොව ඔවුන්ට අවශ්‍ය කෑම බීමද+ ඔවුන්ගේ ශරීරයේ ගැල්වීමට තෙල්ද දෙන ලදි. ඉන්පසු ඔවුහු අබලදුබල අයව බූරුවන් පිට නංවාගෙන+ එතැන සිටි සියලුදෙනාවම ඔවුන්ගේ දේශයට රැගෙන ගියෝය. තාල වර්ගයේ ගස්වලට, නම් දැරූ+ නුවරක් වන යෙරිකෝවට+ ඔවුන්ව ගෙන ගිය පසු ඔවුහු ආපසු සමාරිය+ බලා පිටත් වූහ.

  • එසකියෙල් 18:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහු කිසිවෙකුට හිංසා කර නැත.+ ණයකට ඇපයක් ලෙස ගත් දේ ඔහු ආපසු භාර දෙන්නේය.+ ඔහු කිසිම දෙයක් කොල්ල කන්නේ නැත.+ කුසගින්නෙන් පෙළෙන පුද්ගලයාට ඔහු තමාගේම කෑම වේල වුවද දෙන්නේය.+ නිර්වස්ත්‍රව සිටින කෙනෙකුට අඳින්න වස්ත්‍රයක්ද දෙන්නේය.+

  • මතෙව් 25:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 මට ඇඳුම් නොතිබුණු විට+ ඔබ මට ඇඳුම් ලබා දුන්නා. මට අසනීප වූ විට ඔබ මට සාත්තු කළා. මම සිරගෙයි සිටි විට+ ඔබ මාව බලන්න ආවා.’

  • යාකොබ් 2:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 සහෝදරයෙකුට හෝ සහෝදරියකට හෝ ප්‍රමාණවත් ඇඳුම් හා එදා වේල පිරිමසාගැනීමට කෑම වේලක්වත් නැතුව සිටින විට,+

  • 1 යොහන් 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් එදිනෙදා අවශ්‍යතා පිරිමසාගත හැකි කෙනෙක්+ තම සහෝදරයා අගහිඟකම්වලින් පෙළෙනවා දැක දැකත්+ ඔහුට අනුකම්පාවක් දැක්වීම ප්‍රතික්ෂේප කරයි නම්+ එවැනි කෙනෙකු තුළ දෙවි සඳහා ප්‍රේමයක් ඇති බව පැවසිය හැක්කේ කෙසේද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න