- 
	                        
            
            2 ලේකම් 8:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
14 එසේම ඔහු තම පියා වූ දාවිත් රජු නියෝග කළ ආකාරයට+ පූජකයන්ව කණ්ඩායම් වශයෙන් බෙදා+ සේවය සඳහා යෙදෙව්වේය. දෙවිට දිනපතා+ ප්‍රශංසා කිරීම සඳහාත්+ පූජකයන්ට උපකාර කිරීම සඳහාත්+ ඔහු ලෙවීවරුන්ව+ යෙදෙව්වේය. දොරටු පාලකයන්වද කණ්ඩායම් වශයෙන් බෙදා ඔවුන්ව සෑම දොරටුවකම සේවය සඳහා යෙදෙව්වේය.+ ඔහු මේ සියල්ල කළේ සැබෑ දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙක් වූ දාවිත් අණ කළ ලෙසය.
 
 - 
                                        
 
- 
	                        
            
            1 කොරින්ති 12:28ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
28 ඒ අනුව දෙවි සභාවේ විවිධ කාර්යයන් සඳහා විවිධ අයව පත් කර ඇත.+ එනම් මුලින්ම නියෝජිතයන්වද*+ දෙවෙනුව අනාගතවක්තෘවරුන්වද+ තුන්වෙනුව ගුරුවරුන්වද+ පත් කර ඇත. ඊළඟට බලවත් ක්‍රියා සඳහාද+ සුව කිරීම් සඳහාද+ අගහිඟකම් ඇති අයට උපකාර කිරීම සඳහාද+ මඟ පෙන්වීම් ලබා දීම සඳහාද+ විවිධ භාෂා කතා කිරීම සඳහාද+ එකිනෙකාට දීමනා ලබා දී ඇත.
 
 -