ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 25:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 රජුව අල්ලාගත් පසු+ ඔහුට දිය යුතු දඬුවම තීරණය කරන පිණිස ඔහුව රිබ්ලා නගරයේ සිටි බැබිලෝනියේ රජු වෙතට ගෙන යන ලදි.+

  • 2 ලේකම් 36:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ නිසා දෙවි ඔවුන්ට විරුද්ධව කල්දිවරුන්ගේ රජුව එවීය.+ ඔහු පැමිණ ඔවුන්ගේ තරුණයන්ව දේවමාලිගාවෙහිදීම+ මරා දැමීය.+ තරුණ තරුණියන්ටවත් මහලු හෝ අබලදුබල අයටවත් ඔහුගෙන් කිසිම අනුකම්පාවක් නොලැබුණේය.+ මෙසේ දෙවි ඔවුන් සියලුදෙනාවම කල්දිවරුන්ගේ රජු අතට හසු වීමට ඉඩහැරියේය.

  • යෙරෙමියා 37:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 කලක් ගත වූ පසු ශෙදකියා රජ යෙරෙමියාව තම මාලිගාවට ගෙන්වාගත්තේය. රජ කාටත් නොපෙනෙන ස්ථානයකට ඔහුව ගෙන ගොස්,+ “යෙහෝවා දෙවිගෙන් ඔබට පණිවිඩයක් ලැබුණාද” කියා ඔහුගෙන් ඇසුවේය. එවිට යෙරෙමියා, රජුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔව්, මට පණිවිඩයක් ලැබුණා. ඔබ බැබිලෝනියේ රජුගේ අතට අනිවාර්යයෙන්ම හසු වෙනවා කියා දෙවි මට පැවසුවා.”+

  • යෙරෙමියා 39:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් කල්දිවරුන්ගේ භට පිරිසක් ඔවුන් පසුපස ලුහුබැඳ ගොස්+ යෙරිකෝවේ පාළුකරයේදී ශෙදකියා රජුව අල්ලාගත්තෝය.+ ඉන්පසු ඔවුහු හමාත් දේශයේ+ රිබ්ලාහි සිටි බැබිලෝනියේ රජු වූ නෙබුකද්රෙෂර් වෙතට ඔහුව ගෙන ගියෝය.+ ඔවුන් එසේ කළේ ඔහු සම්බන්ධයෙන් රජුගෙන් තීන්දුවක් ගන්නා පිණිසය.+

  • යෙරෙමියා 52:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ශෙදකියා රජුව අල්ලාගත් ඔවුහු, ඔහුට දිය යුතු දඬුවම තීරණය කරන පිණිස+ හමාත් දේශයේ+ රිබ්ලා නගරයේ+ සිටි බැබිලෝනියේ රජු වෙතට ඔහුව ගෙනාවෝය.+

  • එසකියෙල් 17:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එහෙයින් ඔහුව හසු කරගැනීමට මම දැලක් හෙළන්නෙමි. ඔහුද ඒ දැලට අනිවාර්යයෙන්ම හසු වන්නේය.+ ඔහුව බැබිලෝනියට ගෙනැවිත් ඔහු මට විරුද්ධව කළ සෑම ද්‍රෝහිකමක් සඳහාම ඔහුට විරුද්ධව මාගේ විනිශ්චය ප්‍රකාශ කරන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න