ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔවුහු කිසිම වටිනාකමක් නැති දෙවිවරුන් පසුපස ගොස් මාව උදහස් කළෝය.+

      ඔවුන්ගේ නිෂ්ඵල රූපවලින් මාව කුපිත කළෝය.+

      ඒ නිසා ඔවුන් වෙනුවට එතරම් වැදගත් නොවන ජනතාවකට මම කරුණාව පෙන්වන්නෙමි. එයින් ඔවුන් තුළ ඊර්ෂ්‍යාවක් ඇති වේ.+

      මම ඔවුන් වෙනුවට අනුවණයයි සැලකෙන ජාතියක් තෝරාගන්නෙමි. එයින් ඔවුන් තුළ මහත් කෝපයක් ඇති වේ.+

  • 2 රාජාවලිය 17:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එපමණක්ද නොව ඔවුහු තම දූපුතුන්ව ගින්නෙන් දවා පූජා ලෙස ඔප්පු කළෝය.+ මන්තර ගුරුකම් කිරීමටද+ නැකත් බැලීමටද+ ඔවුහු පෙලඹුණෝය. ඔවුහු හිතාමතාම යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින්+ ඔහුව උදහස් කළෝය.+

  • නෙහෙමියා 9:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “නමුත් ඔවුන් ඔබට අකීකරු වී+ ඔබට විරුද්ධව කැරලිගැසුවා.+ ඔවුන් ඔබේ නීතියට පිටු පෑවා.+ ඔබ බොහෝ අනාගතවක්තෘවරුන්ව ඔවුන් වෙත යවා ඔබ වෙතට නැවත හැරී එන්න+ කියා ඔවුන් මාර්ගයෙන් පැවසුවත් ඔවුන් ඒ අනාගතවක්තෘවරුන්වත් මරා දැමුවා.+ ඔවුන් ඔබට අගෞරවය ගෙන දිය හැකි සෑම දෙයක්ම කළා.+

  • යෙරෙමියා 7:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 නමුත් ඇත්තටම එයින් හානියක් සිදු වන්නේ මටද?+ නැත. එහි ප්‍රතිඵල අද්දකින්නේ ඔවුන්මය. අන්තිමට ලැජ්ජාවට පත් වන්නෙත් ඔවුන්මය.+ මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.

  • යෙරෙමියා 32:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 “‘ඊශ්‍රායෙල් හා යූදා සෙනඟ ඔවුන්ගේ තරුණ කාලයේ සිටම මා ඉදිරියේ කළේ දුෂ්ට දේවල්මය.+ ඊශ්‍රායෙල් සෙනඟ දේවතා රූප සාදාගෙන මාව උදහසට පත් කරන්නෝය.’+ මෙසේ පවසන මා යෙහෝවා දෙවිය.

  • යෙරෙමියා 44:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 නමුත් ඔවුහු මට ඇහුම්කන් දුන්නේ නැත.+ වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කිරීම අත්හරින්න කියා මා ඔවුන්ට අවවාද කළත් ඔවුහු ඒවා ගණනකටවත් ගත්තේ නැත.+ එසේ ඔවුහු දිගටම ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවල නිරත වූහ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න