24 යොෂියා රජ යූදා දේශයේ හා යෙරුසලමේ සිටි මායාකාරයන්+ සහ ශාස්ත්‍ර කියන්නන්වද+ එහි තිබූ ටෙරෆිම් රූප+ සහ අනිකුත් පිළිකුල් රූප+ ඇතුළු අන් සියලු පිළිකුල් දේද+ විනාශ කළේය. යොෂියා රජු මෙසේ කළේ යෙහෝවා දෙවිගේ ගෘහයේදී පූජක හිල්කියාට සම්බ වූ+ නීතිය ඇතුළත් ලියවිල්ලෙහි+ සඳහන් වචන පිළිපදින පිණිසය.+