යෙරෙමියා 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති.+ මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත.+ ඔවුන් ඔබට ප්‍රකාශ කරන්නේ බොරු දර්ශනය.+ ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති අනාවැකි ඔබට ප්‍රකාශ කරති.+ යෙරෙමියා 23:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “අනාවැකි පැවසීමට මම අනාගතවක්තෘවරුන්ව යැව්වේ නැත. නමුත් ඔවුහු ගියෝය. මම ඔවුන්ට කිසිවක් පැවසුවේ නැත. නමුත් ඔවුහු අනාවැකි පැවසුවෝය.+ යෙරෙමියා 28:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 අනාගතවක්තෘ යෙරෙමියා, හනනියාට මෙසේද පැවසුවේය.+ “හනනියා, මා කියන දේට සවන් දෙන්න. ඔබ පවසන අනාවැකි යෙහෝවා දෙවිගෙන් ලැබුණු ඒවා නොවෙයි. ඔබේ බොරු අනාවැකි විශ්වාස කිරීමට ඔබ මේ සෙනඟව පොලඹවා තිබෙනවා.+ යෙරෙමියා 29:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා තවදුරටත් මෙසේ පැවසුවේය. ‘ඔබ අතරේ සිටින අනාගතවක්තෘවරුන්ට හා ශාස්ත්‍ර කියන්නන්ට ඔබව මුළා කිරීමට ඉඩ නොදෙන්න.+ ඔවුන්ගේ සිහින ගැන ඔවුන් පවසන විට ඊට සවන් නොදෙන්න.+ එසකියෙල් 13:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “ඔවුහු බොරු දර්ශන දකින අතර මුළා කරවන අනාවැකි පළ කරන්නෝය.+ යෙහෝවා දෙවි ඔවුන්ට කිසි පැවරුමක් භාර නොදුන්නේය. එහෙත් ඔවුහුද ‘යෙහෝවා දෙවි මෙසේ පවසයි’ කියමින් විවිධ දේවල් පවසති. එපමණක්ද නොව, තමන් පවසන දේවල් ඉටු වෙයි කියාද ඔවුහු බලාපොරොත්තු වෙති.+
14 යෙහෝවා දෙවි මට තවදුරටත් මෙසේ පැවසුවේය. “අනාගතවක්තෘවරු මාගේ නාමයෙන් බොරු අනාවැකි පවසති.+ මම ඔවුන්ව එව්වේවත් ඔවුන්ට එවැනි දේවල් කිරීමට අණ කළේවත් ඔවුන් සමඟ කතා කළේවත් නැත.+ ඔවුන් ඔබට ප්‍රකාශ කරන්නේ බොරු දර්ශනය.+ ඔවුහු පේන කියති. තම වංචනික සිතුවිලිවලට අනුව කිසි කමකට නැති අනාවැකි ඔබට ප්‍රකාශ කරති.+
21 “අනාවැකි පැවසීමට මම අනාගතවක්තෘවරුන්ව යැව්වේ නැත. නමුත් ඔවුහු ගියෝය. මම ඔවුන්ට කිසිවක් පැවසුවේ නැත. නමුත් ඔවුහු අනාවැකි පැවසුවෝය.+
15 අනාගතවක්තෘ යෙරෙමියා, හනනියාට මෙසේද පැවසුවේය.+ “හනනියා, මා කියන දේට සවන් දෙන්න. ඔබ පවසන අනාවැකි යෙහෝවා දෙවිගෙන් ලැබුණු ඒවා නොවෙයි. ඔබේ බොරු අනාවැකි විශ්වාස කිරීමට ඔබ මේ සෙනඟව පොලඹවා තිබෙනවා.+
8 ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා තවදුරටත් මෙසේ පැවසුවේය. ‘ඔබ අතරේ සිටින අනාගතවක්තෘවරුන්ට හා ශාස්ත්‍ර කියන්නන්ට ඔබව මුළා කිරීමට ඉඩ නොදෙන්න.+ ඔවුන්ගේ සිහින ගැන ඔවුන් පවසන විට ඊට සවන් නොදෙන්න.+
6 “ඔවුහු බොරු දර්ශන දකින අතර මුළා කරවන අනාවැකි පළ කරන්නෝය.+ යෙහෝවා දෙවි ඔවුන්ට කිසි පැවරුමක් භාර නොදුන්නේය. එහෙත් ඔවුහුද ‘යෙහෝවා දෙවි මෙසේ පවසයි’ කියමින් විවිධ දේවල් පවසති. එපමණක්ද නොව, තමන් පවසන දේවල් ඉටු වෙයි කියාද ඔවුහු බලාපොරොත්තු වෙති.+