ද්විතීය කතාව 30:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ පොළොවේ ඈත කෙළවරක සිටියත් යෙහෝවා දෙවි ඔබව නැවතත් රැගෙන එයි.+ යෙසායා 49:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 යෙහෝවා දෙවි මෙසේ පොරොන්දු වී ඇත. “බලවන්තයා අල්ලාගෙන ගිය සිරකරුවන්ව මම නිදහස් කරමි.+ කුරිරු පාලකයා යටතේ සිටින වහලුන් ඔහුගේ අතින් බේරී එනු ඇත.+ ඔබට විරුද්ධව සටන් කරන සියල්ලන්ට විරුද්ධව මම සටන් කරමි.+ ඔබේ දරුවන්වද මම බේරාගන්නෙමි.+ යෙරෙමියා 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “ඉතුරු වී සිටින මාගේ බැටළුවන්ව එනම්, විවිධ දේශවලට මා විසුරුවාහැරිය අයව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ව ඒ දේශවලින් පිටතට ගෙනැවිත් නැවත ඔවුන්ගේම තණබිමට රැගෙන එන්නෙමි.+ ඔවුහු ගණනින් වැඩි වී සමෘද්ධිමත් ජාතියක් බවට පත් වන්නෝය.+ යෙරෙමියා 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. “වහලුන්ව සිටින මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව සහ යූදා වැසියන්ව මා බේරාගන්නා කාලය ඉදිරියේදී පැමිණෙනු ඇත.”+ යෙහෝවා දෙවි වන මම තවදුරටත් මෙසේ පවසමි. “මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් දේශයට ඔවුන්ව නැවත රැගෙන එන්නෙමි. ඔවුහු එම දේශය නැවත අයිති කරගන්නෝය.”’”+ එසකියෙල් 39:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 “‘ඔවුන්ව ජාතීන් අතරට වහලුන් ලෙස යැව්වද මම නැවතත් ඔවුන් සියලුදෙනාව ඔවුන්ගේ දේශයට රැගෙන එන්නෙමි.+ එවිට මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවා බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත. මම ඔවුන්ගෙන් එක් කෙනෙකුවත් ඒ දේශවල අත්හැර දමන්නේ නැත.+ යෝවෙල් 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “‘ඒ දවස්වලදී,+ යූදා හා යෙරුසලමෙන් වහලුන් ලෙස ගෙන යනු ලැබූ අයව මම නිදහස් කර නැවත ගෙන්වාගන්නෙමි.+
25 යෙහෝවා දෙවි මෙසේ පොරොන්දු වී ඇත. “බලවන්තයා අල්ලාගෙන ගිය සිරකරුවන්ව මම නිදහස් කරමි.+ කුරිරු පාලකයා යටතේ සිටින වහලුන් ඔහුගේ අතින් බේරී එනු ඇත.+ ඔබට විරුද්ධව සටන් කරන සියල්ලන්ට විරුද්ධව මම සටන් කරමි.+ ඔබේ දරුවන්වද මම බේරාගන්නෙමි.+
3 “ඉතුරු වී සිටින මාගේ බැටළුවන්ව එනම්, විවිධ දේශවලට මා විසුරුවාහැරිය අයව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ව ඒ දේශවලින් පිටතට ගෙනැවිත් නැවත ඔවුන්ගේම තණබිමට රැගෙන එන්නෙමි.+ ඔවුහු ගණනින් වැඩි වී සමෘද්ධිමත් ජාතියක් බවට පත් වන්නෝය.+
3 යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. “වහලුන්ව සිටින මාගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව සහ යූදා වැසියන්ව මා බේරාගන්නා කාලය ඉදිරියේදී පැමිණෙනු ඇත.”+ යෙහෝවා දෙවි වන මම තවදුරටත් මෙසේ පවසමි. “මම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් දේශයට ඔවුන්ව නැවත රැගෙන එන්නෙමි. ඔවුහු එම දේශය නැවත අයිති කරගන්නෝය.”’”+
28 “‘ඔවුන්ව ජාතීන් අතරට වහලුන් ලෙස යැව්වද මම නැවතත් ඔවුන් සියලුදෙනාව ඔවුන්ගේ දේශයට රැගෙන එන්නෙමි.+ එවිට මා ඔවුන්ගේ දෙවි වන යෙහෝවා බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත. මම ඔවුන්ගෙන් එක් කෙනෙකුවත් ඒ දේශවල අත්හැර දමන්නේ නැත.+