ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 33:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔවුන් මට විරුද්ධව කළ සියලු පාප මම මකා දමන්නෙමි.+ මට විරුද්ධව පව් කරමින් ඔවුන් කළ සියලු අයුතුකම්වලට ඔවුන්ට සමාව දෙන්නෙමි.+

  • යෙරෙමියා 50:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “මාගේ කරුණාව ලැබ ඉතුරු වූ සියලු ඊශ්‍රායෙල්වරුන්ගේ හා යුදෙව්වරුන්ගේ පව්වලට+ ඒ කාලයේදී මම සමාව දෙන්නෙමි.+ ඒ කාලයේදී+ යමෙකු ඔවුන් අතීතයේ කළ වැරදි සෙව්වත්+ ඔවුන්ට විරුද්ධව කිසි වරදක් හෝ පාපයක් හෝ සොයාගැනීමට ලැබෙන්නේ නැත” කියා යෙහෝවා දෙවි පවසන්නේය.

  • මීකා 7:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 දෙවියනි, ඔබ වැනි දෙවි කෙනෙක් තවත් සිටියිද?+ ඔබ වරදට සමාව දෙන්නෙහිය. ඔබේ උරුමය වන ඔබේ සෙනඟගෙන් ඉතුරු වූ අයගේ+ වැරදි අමතක කර දමන්නෙහිය.+ ඔබ ප්‍රේමයට* ප්‍රිය කරන+ නිසා ඔබ සැමදා කෝපය සිතේ තබාගන්නේ නැත.

  • මතෙව් 26:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 මන්ද මෙයින් නියෝජනය වන්නේ+ පව් සමාව සඳහා+ බොහෝදෙනා උදෙසා වගුරුවනු ලබන+ මගේ රුධිරයයි.+ ගිවිසුම ස්ථිර වන්නේ මේ රුධිරයෙනුයි.+

  • රෝම 11:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 මම ඔවුන්ගේ පාප ඉවත් කර දැමූ විට+ ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගන්නෙමි.”+

  • හෙබ්‍රෙව් 8:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔවුන් කළ අධර්මිෂ්ඨ ක්‍රියා සඳහා මම ඔවුන්ට දයාව දක්වන්නෙමි. ඔවුන් කළ පව්+ නැවත කිසිදා සිහි නොකරන්නෙමි.’”+

  • හෙබ්‍රෙව් 9:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු අලුත් ගිවිසුමක මැදිහත්කරුවෙකු වන්නේ ඒ නිසාය.+ ඔහු එසේ ක්‍රියා කරන්නේ කැඳවනු ලැබූ අයට සදාකාලික උරුමයක් ලැබෙන බවට වූ පොරොන්දුව ලබා දීම සඳහාය.+ ඒ සෑම දෙයකටම මඟ විවෘත කළේ ඔහුගේ මරණයයි. ඒ මරණය තුළින් ගෙවනු ලැබූ වන්දිය මාර්ගයෙන්+ ඔවුහු කලින් තිබූ ගිවිසුම යටතේ කළ වැරදිවලින්+ නිදහසක් ලබති.

  • හෙබ්‍රෙව් 10:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එමෙන්ම දෙවි මෙසේද පවසා ඇත. “මම ඔවුන් කළ වරද නොතකා ඔවුන් කළ පව් නැවත කිසිදා සිහි නොකරන්නෙමි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න