ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 2:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 අවසාන කාලයේදී,+ යෙහෝවා දෙවිගේ ගෘහය+ පිහිටි කන්ද නොසෙල්වන ලෙස ස්ථිරව පිහිටුවනු ලබන්නේය. එය සියලුම කඳුවලටත්+ හෙල්වලටත්+ වඩා ඉහළින් පිහිටුවනු ලබන්නේය. ඒ කාලයේදී සියලු ජාතීහු වැල නොකැඩී ඒ කන්ද වෙතට ඇදී එන්නෝය.+

  • යෙසායා 60:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබේ දීප්තිමත් ආලෝකය+ වෙතට විවිධ ජාතීහුද රජවරුද+ ඇදී එන්නෝය.+

  • මීකා 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එතැනට යන බොහෝ ජාතීහු මෙසේ කියන්නෝය. “ජනයෙනි, එන්න.+ අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු.+ එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි.+ අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.”+ මන්ද දෙවිගේ නීතිය සියොන් කන්දේ සිට ප්‍රකාශ කරනු ලැබේ. යෙරුසලමේ සිට යෙහෝවා දෙවි තම වචනය දැනුම් දෙන්නේය.+

  • සෙකරියා 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ කාලයේදී, බොහෝ ජාතීහු යෙහෝවා දෙවි වන මා වෙතට එක් රැස් වී+ මට අයිති සෙනඟක් බවට පත් වන්නෝය.+ මමද ඔබ සමඟ වාසය කරන්නෙමි.” එවිට මාව එව්වේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි බව ඔබ දැනගනු ඇත.+

  • සෙකරියා 8:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 “ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මමය. ඒ දවස්වලදී, සෑම භාෂාවක්ම නියෝජනය කරන විවිධ ජාතීන්ට අයත් මිනිස්සු දසදෙනෙක්+ යුදෙව් ජාතිකයෙකු+ වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍රය අල්ලාගෙන+ මෙසේ පවසනු ඇත. ‘දෙවි ඔබ සමඟ සිටින බව අපට ආරංචි විය.+ එහෙයින් ඔබ සමඟ යන්න අපි සතුටු වන්නෙමු.’”+

  • එළිදරව් 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඉන්පසු මම මහත් සමූහයක්+ දුටුවෙමි. බලන්න, එම සමූහය කිසිවෙකුට ගණන් කළ නොහැකි විය. සියලු ජාතීහුද+ ගෝත්‍රද ජනයාද+ සියලු භාෂා කතා කරන අයද+ එම සමූහයට අයත් වූහ. සුදු වස්ත්‍ර පැළඳ සිටි+ ඔවුහු සිංහාසනය ඉදිරියෙහිත්+ බැටළු පැටවා ඉදිරියෙහිත් සිටගෙන සිටියෝය. ඔවුන් අත තාල ගස්වල අතු+ තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න