2 ලේකම් 16:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා දෙවි තම දෙනෙත්+ පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා.+ ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට+ තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි. නමුත් ඔබ ක්‍රියා කළේ අඥාන ලෙසයි.+ එමනිසා මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+ යෝබ් 34:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මන්ද දෙවිගේ ඇස් මිනිසා කෙරෙහි යොමු වී තිබේ.+ඔවුන් ගන්නා සෑම පියවරක්ම ඔහු දකින්නේය. ගීතාවලිය 33:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 යෙහෝවා දෙවි ස්වර්ගයේ සිට බැලූ විට+සියලු මනුෂ්‍යයන් ඔහුගේ නෙත ගැටිණ.+ ගීතාවලිය 66:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු තම බලය විදහාපෙන්වමින් සදහටම පාලනය කරන්නේය.+ජාතීන්ගේ ක්‍රියා දෙස ඔහු බලා සිටින්නේය.+මුරණ්ඩු සිත් ඇති අයට උඩඟු ලෙස කතා කිරීමට ඉඩ නොදේවා!+ සීලාහ්. හිතෝපදේශ 5:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මිනිසාගේ සෑම ක්‍රියාවක්ම යෙහෝවා දෙවි දකින්නේය.+ ඔහු ඒ සියල්ල ගැන විමසිල්ලෙන් සිටින්නේය.+ හිතෝපදේශ 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යෙහෝවා දෙවි සෑම දෙයක්ම දකින්නේය.+ ඔහු යහපත් අය දෙසද අයහපත් අය දෙසද නෙත් යොමා සිටින්නේය.+ හෙබ්‍රෙව් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+
9 යෙහෝවා දෙවි තම දෙනෙත්+ පොළොවෙහි සිදු වන සෑම දෙයක් වෙතටම යොමු කර තිබෙනවා.+ ඔහු එසේ කරන්නේ ඔහුට පූර්ණ හදවතකින් සේවය කරන අයට+ තම බලය ලබා දෙමින් ඔවුන්ට උපකාර කරන්නයි. නමුත් ඔබ ක්‍රියා කළේ අඥාන ලෙසයි.+ එමනිසා මෙතැන් පටන් ඔබට විරුද්ධව යුද්ධ ඇති වෙයි.”+
7 ඔහු තම බලය විදහාපෙන්වමින් සදහටම පාලනය කරන්නේය.+ජාතීන්ගේ ක්‍රියා දෙස ඔහු බලා සිටින්නේය.+මුරණ්ඩු සිත් ඇති අයට උඩඟු ලෙස කතා කිරීමට ඉඩ නොදේවා!+ සීලාහ්.
13 දෙවි ඉදිරියෙහි කිසිවක් සැඟවිය නොහැක.+ අප ගණන් දිය යුතු ඒ තැනැත්තාගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැතුව නිරාවරණය වී තිබේ.+