ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 46:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවි අප සමඟය.+

      යාකොබ්ගේ දෙවි අපට සුරක්ෂිතබවක් ලබා දෙන උස් බලකොටුවකි.+ සීලාහ්.

  • යෙසායා 43:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබ ජල ධාරා මැදින් ගියත්+ මම ඔබ සමඟ සිටිමි.+ ඔබ ගංගා මැදින් ගියත් ඔබට ගිලෙන්න ඉඩ නොදෙමි.+ ඔබ ගිනි ජාලා මැදින් ගමන් කළත් මම ඔබට කිසි හානියක් වීමට ඉඩ නොදෙමි.+

  • යෙරෙමියා 1:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔවුන් ඔබට විරුද්ධව සටන් කළත් ඔබව පරාජය කිරීමට ඔවුන්ට හැකි වන්නේ නැත.+ මන්ද ඔබව ගලවාගැනීමට+ මම ඔබ සමඟ සිටිමි.+ මේ දේවල් පවසන මා යෙහෝවා දෙවිය.”

  • යෙරෙමියා 15:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “මම ඔබව මේ සෙනඟ ඉදිරියේ ශක්තිමත් තඹ පවුරක් මෙන් වීමට සලස්වන්නෙමි.+ ඔවුන් ඔබට විරුද්ධව සටන් කළත් ඔබව පරාජය කිරීමට ඔවුන්ට කිසිසේත් නොහැකිය.+ මන්ද ඔබව ආරක්ෂා කරන්නත් ඔබව ගලවාගන්නත් මම ඔබ සමඟ සැමදා සිටිමි”+ කියා යෙහෝවා දෙවි පැවසුවේය.

  • යෙරෙමියා 30:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එහෙයින් යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ සේවකයා වන යාකොබ්, භය වෙන්න එපා. ඊශ්‍රායෙල් සෙනඟෙනි, බියෙන් වෙවුලන්න එපා.+ මන්ද දුර ඈත දේශයක සිටින ඔබව මම බේරාගන්නෙමි. වහලුන් ලෙස සේවය කරන දේශයෙන් ඔබේ දරුවන්ව මම ගලවාගන්නෙමි.+ යාකොබ් නැවත හැරී ඇවිත් සතුරු උවදුරුවලින් තොර නිදහස් ජීවිතයක් ගත කරනු ඇත. කිසිවෙක් ඔහුව බියගන්වන්නේ නැත.”+

  • රෝම 8:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 එසේනම් අපි ඒ දේවලින් වටහාගන්නේ කුමක්ද? දෙවි අපගේ පැත්තේ නම් අපට විරුද්ධව සිටිය හැක්කේ කාටද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න